IMG-LOGO

පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන් වැඩ වර්ජනයකට සූදානමින්

(යොහාන් භාසුර)

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට ආණ්ඩුවේ ප්‍රතිචාර දක්වන ආකාරයට විරෝධය දක්වමින් පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ මණ්ඩලය ඉදිරි දින 7 තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය.

ඖෂධ මිල අඩු කිරීමේ ගැසට්ටුවට ඖෂධ 30 ක් පමණක් ඇතුළත්ව ඇති බවත් එයට අදාල නොවන ඖෂධ 9000 කට වැඩිය සංඛ්‍යාවක මිල තීරණය කිරීමේ බලය ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන නිලධාරියෙක්ට ලැබී ඇති බවත් කුමුදේෂ් මහතා කීය.  

ඖෂධ තත්ව පාලන රසායනාගාරයේ ඖෂධවේදීන් පස්දෙනෙක් පමණක් ඉතිරිව සිටින බවත් ඖෂධවේදීන් 126 ක් සිටිය යුතු එම ආයතනයේ මේ වන විට  ඖෂධවේදීන් 37 ක් පමණක් ඉතිරිව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

සෙසු ඖෂධවේදීන් බලහත්කාරයෙන් ඉවත් කර වසරකවත් අත්දැකීම් නැති පුහුණුවන ඖෂධවේදීන් 26 ක් ඉතුරු කරගෙන අධිකාරිය රූකඩයක් ලෙස නැටවීමේ උත්සහයක් ඇති බවත් ඖෂධ නියාමනය, තත්ව පාලනය, මිල තීරණය, සමාගම් නිරීක්ෂණය, ඖෂධ විශ්ලේශණය, විශේෂඥ නිර්දේශ, බේරුම්කරණය, සියල්ල අඅදාල ප්‍රධාන නිලධාරියා පාලනය කරන අධිකාරියක් මේ වන විට නිර්මාණය වී ඇති බවත් ඒ මහතා පවසයි.

ඖෂධ සංකූලතා නිසා ඇස් අන්ධ වීම, ගර්භනී මවුවරු මිය යයෑම සහ ආසාත්මිකතා ඇතිවී ජීවිත ගණනාවක් තර්ජනවලට ලක්ව තිබියදී අත්දැකීම් ඇති සියළු නිලධාරීන් ඉවත් කර ඖෂධ නියාමනය වෙනුවට, ඖෂධ ව්‍යාපාරයක් නිර්මාණය කරමින් සිටින බව ද රවී කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (3)

පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන් වැඩ වර්ජනයකට සූදානමින්

dhamneth Friday, 16 June 2023 04:43 PM

ජනතාව කැමැතියි..., ඔබෙන් සෞඛ්‍ය සේවයටත්, රටට සිදුවන සේවය කුමක්ද කියා දැනගන්නම...

:       1       14

prasanna Friday, 16 June 2023 08:10 PM

මෙයා ඉපදිලා තියෙන්නේ වර්ජන නැකතකින්...

:       1       14

saradiyel Saturday, 17 June 2023 10:39 AM

මේ ඉන්නෙත් අපේ රටට කොඩිවිනයක් වෙච්චි අප්පුහාමි කෙනෙක් තමයි. ටයි එකට බෙල්ල හිරකරගෙන බුහුබූත කියවනවා. දන්නා එකම දේ වැඩ වර්ජන විතරයි. තමන්ට අයිති එකයි, නැති එකයි දන්නා දෙයයි, නොදන්නා දෙයයි... හැම දේටම පනිනවා. අර GMOA එකේ අප්පුහාමිලා වගේ... මෙන්න මේ අයවත් සමාජයෙන් කොන්කළ යුතු පිරිසක්...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site