IMG-LOGO

ප්‍රදේශ ගණනාවකට වැසි

(ඩයනා උදයංගනී)
 
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය සහ කාලුතර දිස්ත්‍රික්කවලඇතැම් ස්ථානවලට මිලිමීටර50 ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. 

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. 

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 50 ක පමණ වේගවත් සුළං ඇතිවන බව ද ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වාගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.



අදහස් (1)

ප්‍රදේශ ගණනාවකට වැසි

D P P Prasad Sunday, 04 September 2022 11:57 AM

අධික වර්ෂාව නිසා සියළුම ජල ප්‍ර්‍රවාහයන් සක්‍රීය වී ඇති අතර විශේෂයෙන් ඇල මාර්ග, දියඇලි ආශ්‍රිතව මෙම තත්වය ඉතාමත් සුවිශේෂී වේ. බොහෝ තරුණ කණ්ඩායම් විනෝදාස්වාදය සඳහා කඳුකර ප්‍ර්‍රදේශවල පිහිටි දියඇලි, ජලමාර්ග හා කඳුශිඛර නැරඹීමටත් සමහර දියඇලි ජලස්නානය කිරීමටත්, ඇතැම් අවස්ථාවල ඡායාරූප ලබාගැනීමටත් කටයුතු කරනු ලබයි. කඳුකර ප්‍ර්‍රදේශවල පිහිටි මෙවැනි සුන්දර ජලමුලාශ්‍ර හා ආකර්ෂණීය ස්ථාන නැරඹීමට යාම වර්ෂාව සහිත කාලගුණ තත්වයන් ඉතාමත් අහිතකර ප්‍ර්‍රතිඵල ළඟාකර දිය හැකිබැවින් එවැනි තත්වයන්ගෙන් වැළකී සිටීම ඉතා වැදගත් බව සිහිපත් කරමි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site