(අංජුල මහික වීරරත්න)
පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් දකුණු පළාතේ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ගාල්ල දක්ශිණපාය ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත් බලධාරීන් දැනුවත් කිරීමේ සිව්වන වැඩසටහන මෙය විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පන්ති කාමරයක ශිෂ්‍ය සංඛ්‍යාව 25- 30 අතරට
PGPThilak Sunday, 20 July 2025 09:25 AM
මේ කතාව හරි වෙන්න පුලූවන් ප්‍රාථමික පන්තිවලට! සාමාන්‍ය පෙළ උසස් පෙළ පුද්ගලික පන්තිවල ළමුන් තුන්සීයක් හාරසීයක් දමලා උගන්වන ක්‍රමය දවසින් දවස දියුණු වෙලා! උසස් පෙළ ළමයි පාසල් එන්නෙම නෑ උපාධිකාරයෝ නිකන් ඉඳලා පඩි ගන්නවා! මේ 25 -30 කතාව ක්‍රියාත්මක කරන්න කියලා අලුතින් ගුරුවරු අරගෙන පන්ති කාමර වැඩි කරලා බංකොලොත් වෙලා හොම්බෙන් යන රටට තවත් වැය බරක් ඇති වෙනවා මිස කිසිම දෙයක් වෙන්නේ නෑ.
pj Sunday, 20 July 2025 09:34 AM
අතිරික්ත ළමයි දාන්නේ රෙද්ද අස්සෙ ද?
මාලිමාපෙන්දා Sunday, 20 July 2025 09:35 AM
පෞද්ගලික පංති වල ඔය ඉන්නෙ ගෙඩක් ළමයින්. හැම දරුවෙකුටම අවස්ථාව දීම සහ රටට ආදරය කරන දරුවන් බිහි කිරීමයි අවශ්‍ය . ඉතිහාසය , සෞන්දර්ය හිමීට අයින් කරලා දාලා රටක් ජාතියක් ආගමක් නැති මාලිමා පෙන්දො ටිකක් බිහි කරන්නයි සූදානම. එන එක එකා අත තියන්නෙම ඉතිහාසය ට.
ගුණරත්න Sunday, 20 July 2025 11:00 AM
කොරාණ් පුළුවන් නම් කොරාණ්ඩ ප්‍රස්නේ ඕවට කෝ ඉඩ කඩ? කෝ ගුරුවරු? කෝ සල්ලි?
de silva berlin Sunday, 20 July 2025 02:55 PM
අගමැතිතුමියනි O/L පාස් වෙන සියලුදෙනා A/L කරන්න යවනවා. නමුත් විශ්ව විද්‍යාලවල ඉඩ තිබෙන්නේ A/L කරන සිසුන්ගෙන් 10%ටත් අඩු ප්‍රමාණෙකට එමනිසා විශාල සිසුන් සංඛ්‍යාවක් අතරමන් වෙනවා. ඊට පස්සේ වසර ගණනාවක් ඔවුන්ගේ ජීවිත අයාලේ, නිකරුනේ ගෙවිලා යනවා. මේ හැමෝම A/L කරන්න යවන්නේ නැතුව ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් , දක්ෂතා සහ කැමැත්ත සලකලා ඔවුන්ට යුරෝපේ තිබෙන ආකාරයට අංගසම්පූර්ණ වසර 3ක වුර්තිය පුහුණුවක් දුන්නා නම්, එම තරුණ තරුණියන්ට සහ රටටත් වැදගත් නේද? දැනට A/L වියදම් කරන මුදල් ප්‍රතිපාදන වලින් මේක කරන්න පුළුවන් නේද? අද රටට තිබෙන විශාල ප්‍රශ්නයක් නේද පුහුණු ශ්‍රමිකයින් නොමැතිකම..?
Sriyal Sunday, 20 July 2025 05:51 PM
ඇත්තටම හොඳම වැඩක් ජනප්‍රිය පාසල්වල පන්තිවල හා ගම්වල පාසල්වල පාසල්වල ගුරුවරුන්ගේ හා දරුවන් අතර සම්බන්ධය ලොකු වෙනසක් තියෙනවා. ළමයි වැඩි වුණාම කරදරයි.