IMG-LOGO

’’පානදුර සලිදුගේ’’ කුඩු පැකට් කළ යුවලක් අත්අඩංගුවට

(සුමිත් පොතුපිටිය බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විදේශගතව සැඟව සිටින බව කියන ප්‍රධාන පෙලේ  මත්කුඩු ජාවාරම්කරුවෙකු වන "පානදුර සලිදු"  නමැත්තාගේ ජාවාරමට අයත් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය නිවසක් වටලා රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු , ජාවාරම් මුදල් එක්ලක්ෂ  පනස් හයදහසක් ,ඇසුරුම් කඩදාසි සහ විද්‍යුත් තරාදි ඇතුළු උපකරණ සමග අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත්බව අලුබෝමුල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ පදිංචිව සිටින 36 සහ 28 වියැති  අඹුසැමි යුවලක් බව පොලිසිය පවසයි.

පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද  තොරතුරක් මත වැටලීම කර හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 320 ක්, ජාවාරම් මුදල් රුපියල් එක්ලක්ෂ පනස් හයදාස් තුන්සීයක්, ඇසුරුම් කඩදාසි පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් , කුඩා ප්‍රමාණයේ විද්‍යුත්  තරාදි 2 ක් ජාවාරම සඳහා යොදාගත් බව කියන ජංගම දුරකථන 5 ක්, යතුරුපැදි 2 ක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බව පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

ජේෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රාජකරුනා මහතා සමගින් කොස්තාපල්වරුන් වන තාරක (23013) ,රංග (29383), ලක්මාල් (93356), හසිත (94543),හේරත් (28810), ගිහාන් (97854) , කාන්තා ශසිකලා (13172) සහ පොකොරි අනුෂ්ක (97318) වැටලීමට වූහ.



අදහස් (1)

’’පානදුර සලිදුගේ’’ කුඩු පැකට් කළ යුවලක් අත්අඩංගුවට

SL Tuesday, 20 September 2022 01:39 PM

රටේ තරුණ පරපුරයි, පාසල් දරුවනුයි බේරගන්න වුවමනාවක්, ආසාවක් තියෙනවා නම් මේ අයට වෙඩි තියලා දාන්න. නැතිනම් එල්ලන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site