IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පානදුර සභාව දිවුලපිටිය සභාවෙන් ගත්ත පොල්වලට පොල්ලක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා වසංගතය ව්‍යාප්තවන සමයේ පානදුරයේ ජනතාවට සහන සැලසීම සදහා පානදුර ප්‍රාදේශීය සභාව ලබාගත් පොල් තොගයක් සදහා වූ රුපියල් ලක්ෂ හතකට වැඩි මුදල මෙතෙක් නොගෙවීම නිසා දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ නිලධාරීන් විගණන ගැටළුවකට මුහුණ දී ඇති බව  දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ  රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් විය.

2020 වසරේ මාර්තු අප්‍රෙල් මාසවලදී පානදුර ප්‍රාදේශිය සභාවේ ඉල්ලීම පරිදි දිවුලපිටිය ප්‍රාදේශිය සභාව  පොල් තොගය සපයා ඇතැයිද ඒ සදහා වන රුපියල් 722250.00 ක්වූ මුදල සභාවේ අත්තිකාරම් ලේඛනය මත ගෙවා ඇති අතර වසර දෙක හමාරක් ගතවී ඇතත් පානදුර ප්‍රාදේශිය සභාව මගින් එම මුදල මෙතෙක් ප්‍රතිපුර්ණය කර පියවා නැත.

මේ සම්බන්ධයෙන් කලින් කළ විමසීම් කළද නිසි පිලිතුරක් ලැබී නැතැයි ද වසර දෙක හමාරකට පසු පානදුර සභාව ලිපියක් එවමින් අදාල පොල් තොගය කුඩා හා නරක්වී ඇතැයි කියමින් රුපියල් ලක්ෂ දෙකක පමන මුදලක් පමනක් ගෙවීමට යෝජනා කර ඇති බව දිවුලපිටිය ප්‍රාදේශිය සභාපති ඉන්දික ජයසිංහ මහතා මන්තිවරුන්ට දැනුම් දෙනු ලැබීය.

මෙම මුදල පානදුර සභාව මගින් නොගෙවුවහොත් තම නිලධාරීන්ගෙන් අය කිරීමට සිදුවන බව විගණන විමසුමින් දන්වා ඇතැයිද ජනතාවට කරදරයක් සිදුවූ මොහොතේ කළ සේවය වෙනුවෙන් මුදල් ඉක්මනින් ලබාදෙන ලෙස දන්වා‍ යැවූ බවද සභාපතිවරයා කීය.

 

 



අදහස් (2)

පානදුර සභාව දිවුලපිටිය සභාවෙන් ගත්ත පොල්වලට පොල්ලක්

ravin Monday, 05 September 2022 01:11 PM

ඔය පානදුරේ කට්ටිය නේද අර මයි නවවෙනිදා සිද්ධියට හවුල් වුනෙත් ?

:       1       1

Hafeel Monday, 05 September 2022 01:29 PM

දූෂණ, වංචා, හොරකම්, නාස්තිය නැති රජයේ ආයතනයක් නැතුවා වගේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 248 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site