IMG-LOGO

පුතාගේ ශාන්ති කර්මයට නෙළුම් මල් කැඩූ පියා වැවේ ගිලෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නවගත්තේගම කොන්කඩවල වැවේ නෙළුම් මල් කැඩිමට ගිය එක් දරු පියකු දියෙ ගිලී මරණයට පත්වි ඇති බව නවගත්තේගම පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ නවගත්තේගම කොන්කඩවල පදිංචි 60 හැවිරිදි තෙන්නකොන් මුදියන්සේලාගේ සිරිසේන නැමති එක් දරු පියෙකී.

තම එකම දරුවා වන 25 හැවිරිදි පුතා නිතර රෝගී වන බැවින් ඒ සදහා දේශීය වෙද මහතෙක් විසින් සිදු කරනු ලබන ශාන්තිකර්මයක් සදහා අවශ්‍ය නෙළුම් මල් කැඩිමට මෙම පියා කොන්කඩවල වැවට ගොස් ඇති බවත් එහිදි මඩේ එරී දියේ ගිලි ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

මෙම ශාන්තිකර්මය සදහා නෙළුම් මල් පමණක් මෙම එක්දරු පියාට කැඩිමට සිදුව තිබු බවත් එම ප්‍රතිකාර සදහා අවශ්‍ය අනිකුත් දැ හිතවතුන් හා ඥාතින් භාර ගෙන තිබු බවද කියයි.

අදාල තැනැත්තා පාපැදියකින් පැමිණ  වැව ආසන්නයෙ නිවසක පාපැදිය දමා ගොස් ඇති බවත් සවස් වනතුරුත් නැවත නොපැමිනීම හේතුවෙන් ගම්වාසින් විසින් සොයා බලා ඇති බවත් ප්‍රදේශවාසින් විසින් වැව පිරමින් අදාල පියා සොයන විට මඩේ එරී දියෙ ගලි මරණයට පත්ව සිටියදී සිරුර සොයා ගෙන තිබුනී.

 

 



අදහස් (4)

පුතාගේ ශාන්ති කර්මයට නෙළුම් මල් කැඩූ පියා වැවේ ගිලෙයි

පිටිගල මිලානෝ Monday, 03 July 2023 01:32 PM

ශාන්ති කරුමේ…

:       0       0

පැරකුම් Monday, 03 July 2023 02:59 PM

අභූත බලවේග කෙරෙහි අසීමිතලෙස විශ්වාස කිරීමේ ප්‍රතිවිපාක මින් ප්‍රදර්ශණය වේ.

:       0       0

rani Monday, 03 July 2023 03:21 PM

මෝඩ ශාන්ති කර්ම නොකර නිසි ප්‍රතිකාර කර රෝග නිවාරණ ලබන්න බැරි ඇයි?

:       0       0

Bunny Preena Tuesday, 04 July 2023 11:22 AM

පුතුගෙ නිරොගිකම උදෙසා වෙහෙසුනු දයාබර පියෙකුගෙ ජීවිතය මෙවැනි ශෝකාන්තයකින් කෙලවරවෙයි කියලා කවුරුවත් සිතන්ට ඇතිද. මරනය බොහොම පුදුමාකාර විදියටයි අප වෙත ලගා වෙන්නෙ. ඔහුට නිවන් සුව ප්‍රාර්තනා කරමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site