(කේ. බුද්ධික කුමාරසිරි, ප්‍රියන්ත ජයලත් සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම තලගල ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වී සහභාගී වී නැවත එමින් සිටි පිරිසක් රැගත් බස්රථයක් පිටිපන සුවපුබුදුගම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාම නිසාවෙන් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් පුද්ගලයන් 13 දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි
රියදුරු වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවත් මාර්ගයෙන් ඉවතට පැනීමෙන් පසු මීටර් තිහක පමණ දුරක් ධාවනය වී පෙරළී ඇති බවත් සිදු කල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි'
අනතුරින් මිය ගොස් ඇත්තේ පිටිපන මූකලාන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මේනක පුෂ්පකුමාර නමැති 50 හැවිරිදි පුද්ගලයෙකි
රියදුරුගේ බීමත් ධාවනය අනතුරට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
රෝහල් ගතව සිටින පිරිසගේ තත්වය බරපතළ නොවන බව හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය
හෝමාගම පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පිටිපනදී බසය අටපට්ටම්: අයෙක් මරුට: 13 ක් රෝහලේ