ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නව ආසන සංවිධායකවරුන් ලෙස පත්කළ ඇතැමුන් සම්බන්ධයෙන් පක්‍ෂය තුළම විවේචන ඇති බවත්, එසේ වුවත් එම පත්කිරීම්වලදී පක්‍ෂය වෙනුවෙන් දර දිය ඇදි බොහෝ දෙනෙකුට සාධාරණය ඉටුවී තිබෙන බවත් සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු මහතා අද(24) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
විනය සම්බන්ධයෙන් ගැටලූ ඇති බව පවසා යම් ආසන සංවිධායකවරයෙක් ඉවත් කරන්නේ නම් ඒ වෙනුවෙන් පත්කළ යුත්තේ ඊටත් වඩා හොඳ පුද්ගලයකු බව කී ඔහු විවේචන ඇති අය පත්කිරීම් සම්බන්ධයෙන් පක්‍ෂ මධ්‍යම කාරක සභාව සමග සාකච්ඡා කරන බවද කීවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් ආණ්ඩුව සමග කටයුතු කිරීම සම්බන්ධව ඒකාබද්ධ විපක්‍ෂය චෝදනා කළත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, මැතිවරණ ක‍්‍රමය වෙනස්කරගැනීම ආදිය වෙනුවෙන් එය කළයුතුව තිබූ බවද කී නියෝජ්‍ය අමාත්‍යවරයා පවතින නාස්තිකාර මැතිවරණ ක‍්‍රමය වෙනස් නොවුවහොත් තමාට ද ඊළඟ මැතිවරණයට තරග කිරීමට නොහැකි වන බව ද කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘පක්ෂ සංවිධායකවරුන් ගැන විවේචන තිබෙනවා‘
සිරි Wednesday, 24 August 2016 08:50 PM
මෙයාලගේ වැඩ හරියට \"වඳුරෝ වැස්සට ගෙවල් හදනවා\" වගේ,(රේ)
ජනහිත Wednesday, 24 August 2016 03:20 PM
පුදුම ආදරයක් රට ගැන තියෙන්නේ.මෙහෙම මිනිස්සු තමයි පක්ෂයක , රටක,පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. අල්ලපු ගෙදරට ගැති කම් කරන්න ගියාම වෙන්නේ තමන්ගේ ගෙදර නැතිවෙලා යනවා දන්නෙම නැතිවම.(රේ)