IMG-LOGO

නෙළුම් කුලුන නැරඹුම් කාලය වැඩි කරයි

(ඩයනා උදයංගනී සහ යොහාන් භාසුර)

දකුණු ආසියාවේ උසම කුලුන ලෙස සැලකෙන ‘කොළඹ නෙළුම් කුලුන’ නරඹන්නන් සඳහා විවෘතව තැබෙන කාලය පැය දෙකකින් දීර්ඝ කර ඇතැයි නෙළුම් කුලුන පුද්ගලික සමාගමේ ප්‍රධාන පාරිපාලන නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

ඒ අනුව හෙට සිට (20)  සතියේ දිනවල දහවල් 12.00 සිට රාත්‍රී 10.00 දක්වාත් සති අන්තයේ උදෑසන 10.00 සිට උදෑසන 10.00 සිට රාත්‍රී 11.00 දක්වාත් නෙළුම් කුලුන නරඹන්නන් වෙනුවෙන් විවෘතව තැබෙන බව ප්‍රසාද් සමරසිංහ මහතා කීවේය.

මේ දිනවල නෙළුම් කුලුන නැරඹීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල පිරිසක් පැමිණෙමින් සිටීම නිසා මෙම තීරණය ගත් බව ද සමරසිංහ මහතා පැවසීය.

නරඹන්නට පැමිණෙන්නන් වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කිරීම නැරඹීමේ කාලය අවසන්වීමට පැයකට පෙර නවත්වන බව ද කී සමරසිංහ මහතා ඒ අනුව සතියේ දිනවල රාත්‍රී 9.00ට පෙරත්, සති අන්තයේ රාත්‍රී 10.00ට පෙරත් ප්‍රවේශපත් මිලදී ගත යුතු බව ද සඳහන් කළේය.

මේ දිනවල කුලුන නැරඹීමට විශාල පිරිසක් පැමිණෙන බැවින් කොටසකට විශේෂයක් කිරීමට අවස්ථාවක් නොමැති නිසා රුපියල් 2,000 ප්‍රවේශපත් නිකුත් කිරීම අත්හිටුවා ඇති බවත් රුපියල් 500 ප්‍රවේශපත් පමණක් නිකුත් කරන බවත් හෙතෙම කීවේය.

වයස අවුරුදු 10ට අඩු දරුවන් සඳහා ප්‍රවේශ පත්‍රයක මිල රුපියල් 200ක් වන අතර, විදේශිකයන්ගෙන් ප්‍රවේශපත්‍ර සඳහා ඇමෙරිකානු ඩොලර් 20ක්  අයකෙරෙන බව ද හෙතෙම සඳහන් කළේය.



අදහස් (0)

නෙළුම් කුලුන නැරඹුම් කාලය වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site