IMG-LOGO

නිව් වයිට් ඕෂනික් 6 වැනි ශාඛාව ආසියානු නගරයේදී විවෘත වෙයි

Image

IMG_0051

IMG_0355

 

 

ශ්‍රී ලාංකික රස කලාවට නව පිටුවක් එක් කරමින් නිව් වයිට් ඕෂනික් අවන්හල් ජාලයේ 6 වැනි ශාඛාව ශ්‍රී ලංකාවේ කටාර් තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතා අතින් පසුගියදා ආසියානු නගරයේදී විවෘත විය.


එහිදී වයිට් ඕෂනික් අවන්හල් ජාලයට සිය සුබ පැතුම් එක් කළ කරුණාදාස මහතා පැවැසුවේ මෙවැනි අවන්හල් මගින් කටාර් හි වාසය කරන ශ්‍රී ලාංකිකයන්ට මහත් ප්‍රතිලාභයක් අත්වන බවයි.


නව ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට ආරාධිත අමුත්තන් සහ කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් රැසක්ම සහභාගි විය.


එහිදී පැමිණ සිටි පිරිස ඇමැතූ නිව් වයිට් ඕෂනික් අවන්හල් ජාලයේ අධිපති දේශමාන්‍ය ටෙනිසන් ද සිල්වා මහතා පැවැසුවේ කටාර් රාජ්‍යය තුළ සිදුවන සංවර්ධන කටයුතු නිසා ශාඛා 4 ක් අහිමි වුවද, අනෙකුත් ශාඛාවලට සාපේක්ෂව තරමක් ඔබ්බට යමින් සිය 6 වැනි ශාඛාව ආසියානු නගරයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටිය අසළ නව මුහුණුවරකින් යුතුව ආරම්භ කිරීමට හැකිවීම පිළිබඳව තමා බෙහෙවින් සතුටට පත්වන බවය.


එසේම සිය නව ශාඛාවට පැමිණ නියම ශ්‍රී ලාංකික ආහාර වේලක රස විඳින ලෙසටද ඔහු සියලුම ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කළේය.


අවන්හල් ජාලයේ ඉදිරි ගමන වෙනුවෙන් නිරන්තරයෙන්ම සහයෝගය ලබාදෙන නිව් වයිට් ඕෂනික් සේවක මණ්ඩලයට, ශ්‍රී ලංකා තානාපතිතුමන් ඇතුළු ආරාධිත අමුත්තන්ට මෙන්ම කටාර් රාජ්‍යයටද තම ස්තුතිය පිරිනමන බව ටෙනිසන් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

නිව් වයිට් ඕෂනික් 6 වැනි ශාඛාව ආසියානු නගරයේදී විවෘත වෙයි

ලලීන් Thursday, 04 August 2016 12:23 AM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site