(නිමන්ත රණසිංහ)
ගාලුමුවදොර සහ කොල්ලුපිටියේ සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධියෙන් පසු ඇති වූ ප්‍රචන්ඩකාරි සිදුවීමෙන් විනාශයට පත් වාහන සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළේය.
එලෙස විනාශයට පත් වාහන සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුදුවත්ත, නාරාහේන්පිට, මුල්ලේරියාව, බම්බලපිටිය, පෑලියගොඩ, කිරුළපන යන පොලිස් ස්ථාන මගිනි.
විනාශයට පත්වූ වාහන අතර බස් රථ 17ක්, ජීප් රථ 02ක්, මෝටර් රථ 2ක්, වෑන් රථයක්, ගිලන්රථයක් ත්‍රිරෝද රථ දෙකක් වශයෙන් නඩු 25ක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත ගමන් ගත් වාහනයට ද අනර්ථයක් සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ රියැදුරා කුරුදුවත්ත පොලිසියට අද (24) පැමිණීල්ල ද ඉදිරිපත් කර ඇතැයි පොලීසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නව වැනි දා විනාශ වූ වාහන ගැන අධිකරණයට කරුණු දක්වයි