IMG-LOGO

නැදුන්ගමුවේ ඇතාට විශේෂ ආරක්ෂාවක්

දළඳා පෙරහරට සහභාගී වීම සඳහා නුවරට යන නඳුන්ගමුවේ රාජා ඇතාට විශේෂ ආරක්ෂාවක් දෙන්නැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතා උපදෙස් දී ඇත. 

මෙරට බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වන දළදා පෙරහැරේ කරඬුව වඩමවන්නේ නඳුන්ගමුවේ රාජා ඇතාය. එම හස්තිරාජයා වනවිටත් නුවරට යෑම සඳහා ගමන් අරඹා ඇති අතර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් ගමන් රථයක් හා හමුදා ආරක්ෂාවක් දීමට කටයුතු යොදා ඇත. 

මේ පිළිබඳව ඇමැතිවරයා පොලිස්පතිවරයාට හා හමුදාපතිවරයාට පෞද්ගලිකව දැනුම් දී ඇති අතර ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් ලෙස පවත්වා ගැනීම සඳහා පශු වෛද්‍ය කණ්ඩායමක් මහනුවරට යවන ලෙස ද උපදෙස් දී ඇතැයි කියති.

 



අදහස් (0)

නැදුන්ගමුවේ ඇතාට විශේෂ ආරක්ෂාවක්

කමල් Wednesday, 03 August 2016 01:03 AM

ඔබතුමාගේ ඉදිරිපත්වීම ඉතා අගේ කරමු. (නි)

:       0       0

අජිත් Wednesday, 03 August 2016 05:52 AM

අපේ ජාතික සම්පත් අපි රැක ගන්න ඹ්නි. (ර)

:       0       0

දුසාරා Tuesday, 02 August 2016 12:05 PM

මේ නිකන් නම දාගන්න කියන කතා (බ)

:       0       0

තුසිතා Tuesday, 02 August 2016 12:29 PM

ස්තුතියි සැමට (බ)

:       0       0

හසන් Tuesday, 02 August 2016 12:54 PM

ඉතාම හොඳ ආරංචියක්. (බ)

:       0       0

අකිල Wednesday, 03 August 2016 02:28 AM

එරංග, ඔයාගේ මොළය පොඩ්ඩක් පරික්ෂා කරගන්න (නි)

:       0       0

නමුව් Tuesday, 02 August 2016 01:33 PM

අපේ ජාතික සම්පතක් (අ)

:       0       0

ශාන සෞදි Tuesday, 02 August 2016 01:38 PM

ස්තුතියි සැමට (අ)

:       0       0

නාලක ගීගියනගේ Tuesday, 02 August 2016 01:38 PM

ප්‍රමාද වී හෝ මේ යහපත් ක්‍රියාවට උරදුන් සැමට තූති..! ශ්‍රී දළදා කරඬුව වැඩමවීමේ පිනෙන් හස්තිරාජයට මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට වාසනාව උදාවේවා..! (අ)

:       0       0

එරංග Tuesday, 02 August 2016 03:01 PM

ඔච්චරම ඒ අහිංසක සතා ගැන දුකයි නම් ඒ සතුටට නුවරට යන්න වාහනයක් දෙන්න පුළුවන් නේ ? (බ)

:       0       0

වසන්ත Tuesday, 02 August 2016 03:28 PM

ඉතාම හොද දෙයක් පාරේ වාහන ගොඩක් නිසා අලියට ආරක්ෂාව ඕනේ (අ)

:       0       0

ඉන්දික Tuesday, 02 August 2016 03:56 PM

එරංග ඔයා නැදුන්ගමුවේ ඇතා ගැන කවදාවත් අහල නැත්ද. ඔය ඇතා කවමදාකවත් වාහනයක ගෙනියන්නේ නැහැ. රට වටේම ඕනෑම පෙරහෙරකට යන්නේ පයින්. ඒ සතා කැමති නැහැ වාහන වල යන්න. පෙරහෙර කරන අය‍ට වහනයක් දෙන්න අපහසු නැහැ. ආරක්ෂාව දෙන්නේ අපේ ජාතික සම්පතක් ඔය ඇතා. (අ)

:       0       0

පෙරේරා Tuesday, 02 August 2016 06:48 PM

තව ටික කලක් යනකොට තව මොන මොන සතුන්ටත් පොලිස් ආරක්ෂාව ලැබේවිද දන්නේ නැහැ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 623 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 254 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site