IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 20,900ක් ගිනි තබයි


(චන්ද්‍රසේන ගමගේ)
 

නීතිවිරෝධීව ඉන්දියාවෙන් ගෙන එන ලද,  හුංගම කළමැටිය ධීවර වරායේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය බාරයට ගනු ලැබූ   කහ තොගය පොලිස් පතිවරයාගේ විශේෂ නියෝගයක් මත අද(30) අලුයම අම්බලන්තොට ලුණම ආදාහනාගාරය තුළදි ගිනි තබා විනාශ කිරීමට පියවර ගනු ලැබීය.
 
ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ  විශේෂ මෙහෙයුම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 27 වැනි දින ටෝලර් යාත්‍රාවකින් කළමැටිය ධීවර වරායට ගෙනවිත් ගොඩබෑමට සූදානම් වෙන අවස්ථාවේදී මෙම කහ තොඟය අත් අඩංගුවට ගෙන තිබුණි.
 
කහ කිලෝග්‍රෑම් 20,900ක් මෙසේ ගිනි තබා විනාශ කර ඇත.නිරෝධායන නීතිය අනුව මෙම කහ තොඟය විනාශ කිරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (12)

නීතිවිරෝධීව ගෙන ආ කහ කිලෝ 20,900ක් ගිනි තබයි

shashni Wednesday, 30 December 2020 03:46 AM

කහටික අල්ලපු එක හොඳ වැඩක්.. ඒත් දෙයියනේ මේවා ගිනිතියපු එක මහා මෝඩ වැඩක්...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 30 December 2020 03:53 AM

මේ නියෝගය පොලිස්පතිවරයා තනිව ගත් එකක්ද, එසේත් නැතිනම්, සෞඛ්‍ය වෛද්‍ය අංශවල නිර්දේශ මත සිදුකළ දෙයක්ද යන්න සඳහන් නැහැ. කෙසේවෙතත්, මේ වටිනා කහ තොගය නිරෝධායන නීති යටතේ කාලයක් හුදෙකලා කර තබා ප්‍රයෝජනයට ගැනීමට හැකිදැයි වෛද්‍ය අංශ වලින් උපදෙසක් ගැනීමට කැමතියි. ඒ ගැන නොදන්නා අයගේ උපදෙස් අනවශ්‍යයි. තවත් දෙයක් පෙන්වා දෙන්න කැමතියි. කොරෝනා හැදුණු ධීවරයන්ගේ ටොන් ගණන් මාළු අරගෙන කරවල බවට පත්කළේ. අර කවුද රජවාසල බලවතෙකු මුල්වී බ්‍රැන්ඩික්ස් එකට ඉන්දියාවෙන් ගෙනා බඩුමුට්ටු ගිනිතිබ්බේ නැහැනේ. මස් මාංශවල මෙන් කහවල වයිරස් රැඳීම අඩුයිනේ. ඇයි මේ එක එක වෙලාවට නීතිරීති වෙනස් වෙන්නේ? අනේ මන්දා ..!!!

:       0       0

kamal Wednesday, 30 December 2020 03:56 AM

හරක් වැඩක්නේ... ඒවගේ තත්ව පරීක්ෂාවක් කරලා. හොඳයි නම් විකුණලා මුදල් ටික රජයට ගන්න තිබ්බනේ...

:       0       0

සිසිල් සුදේශ් Wednesday, 30 December 2020 04:10 AM

ඕක සතොස හරහා බෙදා හැරියේ නම්... හරිනේ.. අවුරුද්දක් කහ නැතූව හොදි කෑවේ..

:       0       0

sujeeva Wednesday, 30 December 2020 04:12 AM

මේක නම් හරක් ඉන්න රටක් වෙලානේ. කොටසක් ජාතික ධනය සොරකම් කරනවා. කොටසක් ගිනි තියනවා. ඕක සතොසට දුන්නා නම් නිරෝධායනය කරලා, කුඩුකරලා රටපුරා බෙදාහරින්න තිබුණා නේද? මෝඩ යකුනේ..

:       0       0

tarzan Wednesday, 30 December 2020 05:16 AM

භූමිදානය කරන්න තිබ්බා.

:       0       0

Ruhunu Wednesday, 30 December 2020 06:09 AM

කහකුඩු නම් ගිනි තියනවා. අනික් කුඩු වාෂ්ප වෙනවද මන්දා..?

:       0       0

නස්නීන් Wednesday, 30 December 2020 06:23 AM

ආහාර වර්ග මෙසේ විනාශ නොකොට සතොස වැනි ආයතන මගින් විකුණා රජයට මුදල් ලබා ගත හැකියි.

:       0       0

MISHAL-MATARA Wednesday, 30 December 2020 07:35 AM

කවදාවත් හොඳක් සිද්ද වෙන්නේ නෑ ආහාරවලට කරන දේ වලට.. මේ ආණ්ඩුවට.. අපරාදේ කාටහරි මේ අසරණ වෙලා ඉන්න වෙලාවේ දෙන්න තිබුනේ... නැත්නම් සතොසේ අඩුවට විකුණන්න තිබුනේ...

:       0       0

fairoos Wednesday, 30 December 2020 07:51 AM

මේවට තත්ව සහතිකයක් අරගෙන මාකට් එකට දැම්මා නම් ආණ්ඩුවට ලාබයක් නැහැ. කුඩු, එතනෝල් වගේ විනාශ කරන්නේ නැතිව.

:       0       0

jagath Wednesday, 30 December 2020 08:03 AM

එතකොට අර අත්අඩංගුවට ගත්ත හෙරොයින්, ගංජා... ඒවා මොකටද හංගගෙන ඉන්නේ?

:       0       0

සිරිමල් Thursday, 31 December 2020 11:08 AM

පොතේ ආකාරයට විනාශ නොකර මේවා රාජසන්තක කරලා ආයුර්වේදයේ බෙහෙත් හදන්න හරි... නැත්නම් රජයෙන් නොමිලයේ ආහාර ලබාදෙන ආයතනවල ප්‍රයෝජනයට ගත්තාම මොකක්ද වෙන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site