IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නෞකා අනතුරුවලට නීති කෙටුම්පතක් හදන්න යයි

(අංජුල මහික වීරරත්න)

මෙරට මුහුදු සීමාවට දැඩි හානියක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය වැනි දේ නැවත වරක් සිදුවුහොත් ඊට අදාලව ගතයුතු පියවර ඇතුළත් නීති කෙටුම්පතක් සකස් කිරීමට  දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අදාල අංශ වෙත උපදෙස් දී තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම වැනි සිද්ධියක්  නැවත ඇතිවුවහොත් ගත යුතු විධිමත් පියවර මේ දක්වා ගෙන නොමැති බව සමුද්‍රිය පරිසර අධිකාරියේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ  පැවැති සාකච්ඡාවකදී හෙළිදරව් වී ඇත.

මෙහිදී දේශගුණික විපර්යාස පිළිබඳව ජනාධිපති කාර්යාලයත්, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියත්, අපදා කළමනාකරණ මධ්‍යස්ථානයත් එකිනෙකට සම්බන්ධ කර ගනිමින් සමුද්‍රය ආරක්ෂා කිරීමට අදාලව ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමට ද මෙහිදී තීන්දු කර තිබේ.

සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැගුණ විට මෙම ආයතන වෙන වෙනම ක්‍රියාත්මක වන බැවින් එම ආයතන සියල්ල එකිනෙකට සම්බන්ධ කොට ඒකාබද්ධ කණ්ඩායම් ලෙස කටයුතු කළ යුතුව ඇතැයි ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා මෙහිදී පෙන්වා දී ඇත.

තවද එක්ස්ප්‍රස් පර්ල් අනතුරට වසරක් ගතව ඇතත් නෞකා අනතුරකදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් නීති රීති සකස් නොකිරීම ගැන කනස්සල්ල පළ කර ඇති රුවන් විජයවර්ධන මහතා ජාත්‍යන්තර නීතිවලට සමගාමී වන ලෙස නව නීති සකස් කිරීමට උපදෙස් දී තිබේ.

එම නිසා සමුද්‍රීය ආරක්ෂාවට අදාලව සියලු කණ්ඩායම් එක් කර ගනිමින් යාන්ත්‍රණයක් සකස් කිරීමට ද මෙහිදී තීන්දු වී ඇත.



අදහස් (0)

නෞකා අනතුරුවලට නීති කෙටුම්පතක් හදන්න යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 605 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 243 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site