IMG-LOGO

දිස්ත්‍රික්ක අටක නාය යාමේ අවදානමක්

(මොහොමඩ් ආසික්)

නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් රට තුල පවතින අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 41 කට නාය යෑමේ අවදානමක් ඇතැයි  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

කොළඹ, කළුතර, මහනුවර කෑගල්ල කුරුණෑගල මාතලේ නුවරඑළිය, සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 41 කට මෙසේ නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර එයින් දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 11 කට රතු නිවේදෙන නිකුත් කරනු ලැබ තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කෑගල්ල රුවන්වැල්ල, යටියන්තොට බුලත්කොහුපිටිය, සහ මාවනැල්ල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ කලවාන යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා රතු නිවේදන නිකුත් කරනු ලැබ තිබේ.

මෙයට අමතවර තවත් දිස්ත්‍රික් හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස විස්කට දෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවිම සිදු කරනු ලැබ තබේ.

 



අදහස් (0)

දිස්ත්‍රික්ක අටක නාය යාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site