IMG-LOGO

දේශීය ආදායම් ගොඩනැගිල්ලේ ලයිට් කපලා: නිලධාරීහු එළියේ

(යොහාන් භාසුර)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ 2 පිහිටි ප්‍රධාන කාර්යාලය ආසන්නයේ කුලී පදනම මත ලබාගෙන ඇති  ‘ස්කවුට්’ ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් අද (20) පෙරවරුවේ විදුලිය විසන්ධිකිරීම නිසා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට රාජකාරි කිරීමට නොහැකි විය. 

මෙම ගොඩනැගිල්ලේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 150 ක් පමණ සේවය කරන බවත් එම සියලුම නිලධාරීහු අද දිනයේ ගොඩනැගිල්ලෙන් පිටතම රැදී සිටියහ.

මාස දෙකක පමණ කාලය තුළ මෙම ගොඩනැගිල්ලේ විදුලි බිල නොගෙවීම නිසා විදුලි විසන්ධි කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර මෙහිදී රුපියල් ලක්‍ෂ 9 ක විදුලි බිලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වේ.

විදුලිය විසන්ධි කිරීමත් සමඟ විදුලි ආලෝකය, පරිගණක පද්ධතිය, ජල සැපයුම සහ විදුලි පංකා ඇතුළු සියලු සැපයුම් විසන්ධි වීමෙන් එහි සියලුම දෙනා දැඩි අපහසුතාවට පත්වූ බව එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

මීට මාස දෙකකට පමණ පෙර ද රුපියල් ලක්‍ෂ තුනහමාරක පමණ විදුලි බිලක් ගෙවීම පැහැර හැරීම නිසා විදුලි විසන්ධි කිරීමෙන් පසුව රුපියල් 60,000 ක ඉන්ධන වැය කරමින් විදුලි ජනන යන්ත්‍රයකින් විදුලි ලබාගත් බව ද එම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති පවසයි. 



අදහස් (2)

දේශීය ආදායම් ගොඩනැගිල්ලේ ලයිට් කපලා: නිලධාරීහු එළියේ

සිරිබිරිස් Tuesday, 20 September 2022 08:02 PM

කොහොමත් මේකෙ ඉන්න පිරිස වැඩ කරන්නෙ අදුරේම සිටගෙන බව රටම දන්නවා නැත්නම් බදු හොරු හසු නොවන්නෙ කොහොමද?

:       0       3

Gag Wednesday, 21 September 2022 02:07 PM

එලියේම ඉන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site