IMG-LOGO

දුම්කොළ විරෝධී නීතිය ළඟදීම බලාත්මක වන ලකුණු

ආවරණය කරන ලද ප්‍රසිද්ධ ස්ථානවල දුම්බොන්නන්ට දැඩි දඬුවම් නියම කෙරෙන දුම්කොළ විරෝධී නීතිය නිකුත් කිරීම සඳහා අවශ්‍ය කරන පියවර ගැනීමට කටාර් කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබේ.

Tobacco
නව නීතිය හරහා දුම්කොළ සහ දුම්කොළ අඩංගු නිෂ්පාදන ආනයනය කිරීම සහ පාවිච්චි කිරීම වැළැක්වීමට දැඩි ක්‍රියාමාර්ග හඳුන්වා දී ඇති අතර “ස්වෙයිකා” යනුවෙන් හැඳින්වෙන ඉලෙක්ට්‍රොනික් දුම්වැටි මෙන්ම වෙනත් සැපීමට ගන්නා දුම්කොළ නිෂ්පාදන ද තහනම් කර තිබේ.


නීති කෙටුම්පත් සම්බන්ධයෙන් උපදේශනාත්මක කවුන්සලය ඉදිරිපත් කර තිබූ නිර්දේශ සලකා බැලීමෙන් පසුව කැබිනට් මණ්ඩලය ඉහත තීරණය ගෙන තිබේ.


නව නීතිය නිකුත් කළ විට දැනට පවතින 2002 අංක 20 දරන දුම්කොළ විරෝධී නීතිය වෙනුවට නව නීතිය බලාත්මක වනු ඇත.


දේශීය වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන් සමාලෝචනය කිරීම සඳහා ස්ථාවර කමිටුවක් ස්ථාපිත කිරීම සඳහා වන තීරණයකට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.


මෙම කමිටුවේ ප්‍රධානත්වය බලශක්ති සහ කර්මාන්ත අමාත්‍යාංශයේ නියෝජිතයකුට හිමි විය යුතු අතර අදාළ අනෙක් ආයතනවල නියෝජිතයන් සාමාජිකයන් වශයෙන් පත්විය යුතු බව ද එම පනත් කෙටුම්පතේ සඳහන් වෙයි.


මෙම කමිටුවේ ප්‍රධානම විෂය පථය වනුයේ දේශීය වෙළෙඳපොලේ ඉන්ධන මිල ගණන් ලිහිල් කිරීමේ රජයේ සැලසුම ක්‍රියාවට නැංවීම බව කටාර් පුවත් ඒජන්සිය පසුගියදා පැවැසීය.


එමීර් දිවාන් හි පැවැති කැබිනට් රැස්වීමේ මුලසුන අගමැති සහ අභ්‍යන්තර අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලාහ් බින් නාසර් බින් කාලීෆා අල් තානි මහතා දරනු ලැබීය.


විදේශ අමාත්‍යාංශයේ සංවිධානාත්මක ව්‍යූහය සම්බන්ධයෙන් වූ එමීර් තීන්දුවකට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.


සමහර ආයතනවල සේවය කරන කටාර් සේවකයන්ගේ විශ්‍රාම ගැනීම සහ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් 2002 අංක 24 දරන නීතියේ රෙකුලාසි ක්‍රියාත්මක කිරීමට ද කැබිනට් රැස්වීමේදී එකඟත්වයක් ඇතිව තිබේ.



අදහස් (0)

දුම්කොළ විරෝධී නීතිය ළඟදීම බලාත්මක වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site