IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දින වෙනස් නොකරන අමීර්

බොලිවුඩයේ කිරුළ නොපළන් රජුන් ලෙස සැලකෙන අමීර් ඛාන් තමන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය නියමිත දිනට එළිදැක්වීමට කටයුතු කරන බව ඔහු පසුගියදා මාධ්‍යය අමතමින් නිල වශයෙන් පවසා තිබුණා. පසුගිය කාලයේ මාධ්‍යයන් කිහිපයක්ම සිය අලුත්ම චිත්‍රපටය වූ 'දංගල්' දෙසැම්බර් 06, 10 සහ 13 වැනි දින වලදී ප්‍රදර්ශනය කරන බවට තොරතුරු ලබාදුන්නද අමීර් පවසන්නේ එම චිත්‍රපටය අනිවාර්යෙන්ම දෙසැම්බර් 23 වැනිදා දිනයේදී බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට සූදානම් කර ඇති බවයි.

වසර 51 ඈත ඉතිහාසයකට දිවයන කතා පුවතක් රැගත් මෙම 'දංගල්' චිත්‍රපටය ඉන්දියාවෙන් බිහිවූ සුපිරි මල්ලවපොර ශූරියක වටා ගෙතුණු කතාවක් පදනම් කරගෙන තිබේ. එළැඹෙන ජුලි මස 03 වැනිදා ප්‍රදර්ශනය වන සල්මාන්ගේ 'සුල්තාන්' චිත්‍රපටයද මල්ලවපොර ශූරයෙකු වටා ගෙතුණු කතාවක් මත නිර්මාණය කර ඇති අතර, ඒ පිළිබඳව මාධ්‍යය අමීර්ගෙන් ප්‍රශ්න කර තිබේ. එහිදී ඔහු පවසා ඇත්තේ 'සුල්තාන්' හා 'දංගල්' යනු චිත්‍රපට දෙකක් බවත්, තමා හා සල්මාන්ගේ රංගනයද එකිනෙකට වෙනස් නිසා මෙම චිත්‍රපට දෙකම සාර්ථක වනු ඇති බවයි. 



අදහස් (0)

දින වෙනස් නොකරන අමීර්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site