IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දකුණු කළුතර කුරේ මාර්ගයට සංචරණ සීමා

(බන්දු තඹවිට)

කොරෝනා ආසාදිතයන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ මාර්ගයට සංචරණ සීමා පැනවූ බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී.සිංහබාහු මහතා පැවසීය.
 
දින කීපයකට පෙර කුරේ පාරේ පදිංචිකරුවන් පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණවලට අනුව, කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීම සඳහා මහජන  සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් එම පුද්ගලයාගේ නිවසට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පුද්ගලික වෙළඳ ආයතනයක රැකියාව සඳහා ගොස් ඇති බව හෙළිවී ඇත.
 
මෙම පුද්ගලයා මීට පෙර කළුතර ප්‍රදේශයේ මුස්ලිම් බාලිකා පාසලක කාර්යාල කාර්ය සහායකයෙකු ලෙස රැකියාව කර ඇති අතර මේ දිනවල පාසල් වසා දමා තිබීම නිසා නැවත පාසල් ආරම්භ කරන තෙක් කොළඹ පිහිටි පුද්ගලික ආයතනයක රැකියාවට ගොස් ඇත.
 
මහජන  සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දුරකතනයෙන් එම පුද්ගලයා සම්බන්ධකර ගැනීමේදී මොරවක බලා ධාවනය වන පෞද්ගලික බස් රථයකින් පැමිණෙමින් සිටින බව සැලවීමෙන් අනතුරුව කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග ගොස් බස් රථය නවත්වා එම ආසාධිත තැනැත්තා සෞඛ්‍ය අංශ භාරයට ගැනිණි.
 
බස් රථය සහ එහි ගමන් ගත් මගීන් විෂබීජාණුහරණය කළ අතර මගියා සමග මුදල් හුවමාරු කළ කොන්දොස්තරවරයාට නිරෝධායනය වීමට උපදෙස් ලබාදී බස් රථය පිටත්කර හැරීමට කටයුතු කර ඇත.
 
කුරේ පාරේ කොරෝනා ආසාධිතයන් තිදෙනෙකු වාර්තාවීමත් සමග රෝගය පැතිරීමේ අවධානමක් පවතින බවත් එම නිසා එම ප්‍රදේශයේ සංචරණ සීමා කිරීමට කටයුතු කළ බවත් කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ආර්.ජී.සිංහබාහු මහතා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

දකුණු කළුතර කුරේ මාර්ගයට සංචරණ සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site