ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව අප්‍රසාදයට පත් කිරීම සඳහා දේශීය කුමන්ත්‍රණකරුවන්, රාජ්‍ය නොවන සංවිධාන හා පිටරට ගැත්තන් ක්‍රියා කරතියි මහින්ද රාජපක්ෂ ජනපති කඩවත දී අද (18) ප්‍රකාශ කෙළේය. කොළඹ පිටත වටරවුමේ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියරේ වැඩ ආරම්භ කරමින් ජනපති පැවැසුයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩි වූ නිසා තෙල් මිල වැඩි කළා මිස ජනතාවට බර පැටවීමට රජය එසේ නොකළ බවයි. තෙල්මිල වැඩි කිරීමෙන් අපහසුතාවට පත් සියලු කොටස් වලට දැනටම සහන සලසා ඇතැයි ද ජනපති කීවේය. තෙල් වැඩි කිරීමට එරෙහිව දින කිහිපයක් රටපුරා උද්ඝෝෂණ පැවැතියේය. ජනපති ඒ සම්බන්ධයෙන් කථා කළ මුල්ම අවස්ථාව මෙයයි. ජනපති රටේ ස්ථාවරය ද පැහැදිලි කෙළේය.
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2380
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1746
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘තෙල් මිල අල්ලං රටට මඩ ගහනවා‘
එස් ඒ පී Saturday, 18 February 2012 09:24 PM
අනේ මේවා කාට කියන්නද?
ස Saturday, 18 February 2012 09:43 PM
ඔක්කොටම සහන දුන්නලු ඒත් දුප්පත් ජනතාව මොනවද දුන්නේ?
ඩිලාන් Sunday, 19 February 2012 12:04 AM
කෝ අපිට සහනාධාර?
ලාල් ගලබඩ - ඉතාලියේ සිට Sunday, 19 February 2012 12:05 AM
පෙට්‍රල් මිල එකට එකක් වැඩිකර - බූමි තෙල් මිල වැඩි නොකර ඉන්න තිබුනා.දුප්පතා ගැන හිතීම සදහා....
නිසාර් Sunday, 19 February 2012 12:51 AM
මේ කියන ඒවට හිතෙන ඒවා මට මෙතන ලියන්න බෑ.
අනුරාධ Sunday, 19 February 2012 01:38 AM
දැන් වෙන්න ඇති ඇහැරිලා තියෙන්නේ?
කුසල් Sunday, 19 February 2012 08:06 AM
මොන රටේ කවදද ගනන් ගියේ?
ලාංකිකයා Sunday, 19 February 2012 09:11 AM
හැමදාම මෙහෙම මොනවහරි කියල බේරෙන්න හදන්න එපා ජනපති තුමනි. අපි ඡන්දෙ දීලා දැන් දැන් කලකිරිල ඉන්නේ..
මාලා Sunday, 19 February 2012 11:01 AM
ඡන්දෙ දීපු වරද වහගන්න බැරුවයි ඉන්නෙ. අප දන්න අඳුනන හිතවත් විපක්‍ෂිකයො අහන ප්‍රශ්ණ වලට අපට උත්තර නෑ.
ගජන්99 Sunday, 19 February 2012 11:57 AM
තෙල් මිල වැඩිවුණාට අපේ ජනපතිතුමා පලි නැහැ.
PODIEKA Sunday, 19 February 2012 01:29 PM
බාල තෙල් ගෙනාපු අයට මොකද කළේ?