IMG-LOGO

ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමක්

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ අමදෝරු අමරජීව)

කුච්චවේලි සිට එරක්කන්ඩි දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයන් දෙදෙනෙකුටලුණු ලේවායට  ජලය සපයන ඇළ මාර්ගය අසල කැලෑ ප්‍රදේශයක සැඟව සිටි කිසියම් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් එම තරුණයින් දෙදෙනා තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අවුරුදු 17 සහ 21 හැවිරිදිබියේ පසුවන මෙම තරුණයින් දෙදෙනාගේ පාද වලට වෙඩි වැදී ඇති බව කුච්චවේලි පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ගැන හෝ මෙවැන්නක් කළ අය ගැන තොරතුරු තවම පොලිසියට ලැබී නොමැත.

කුච්චවේලි පොලිසියේ අපරාධීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු ගැන තොරතුරු අනාවරණය කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

 



අදහස් (0)

ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site