IMG-LOGO

තානාපති නිවස ලක් සේවිකාවට සිරගෙයක් වෙයි

ඇමරිකාවේ නිව්යෝක් නුවර මලයාසියා තානාපති සහ ඔහුගේ බිරිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගෙන් වහල් වැඩ ගනිතියි ඇමරිකාවේ නිව්යෝක් පෝස්ට් පුවත්පත කියයි.

පර්මලා දේවි ජෙගනාදන් නම් මේ තරුණියගෙන් දවසකට පැය 15ක් වැඩ ගන්නා එම ජෝඩුව පැයකට ඩොලර් 1.71ක් (රුපියල් 249.37) ගෙවන බවද කියති.

නිව්යෝක් නුවර මලයාසියා කොන්සල්වරයා වන අරසි ක්‍රිෂ්ණන් හා දේනිෂ් කුමාර් ඇයට ඔවුන් පදිංචි මහල් නිවසින් එළියට යාම පවා තහනම් කර ඇති බවත් ඔවුන් සමග ඇයට එළියට යෑමට හැකිවී ඇත්තේ ඔවුන් පල්ලියට යන දවසට බවත් ජෙගනාදන් ගේ නීතිඥ ඈන් ලී අධිකරණයේ දී කීවාය.

2013 මලයාසියාවේ ඔවුන්ගේ ගෙදර මෙහෙකාරකමට ගිය ඇය ඇමරිකාවට රැගෙන ගොස් ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රිකයකුට ගෘහ සේවිකාවක රැගෙන යෑමට ඇති වරප්‍රසාදය යටතේය.

2014 මුලදී ජෙගනාදන් ගේ වීසා අවසන් වන බවත් තවත් වසර තුන හමාරක මෙහෙකාර වැඩට කැමතිනම් පමණක් ඇගේ සේවය දික් කළ හැකි බවත් ක්‍රිෂ්ණන් ඇයට කියා ඇත. එසේ නොවුනහොත් ඇය ඇගේ ගමට යවන බවත් එහි යුද්ධය දරුණු ලෙස පවතින බවත් ජෝඩුව ඇයට කියා ඇත.

තමා පත්වී සිටින ඉරණම තේරුම්ගත් ඇය ඇමරිකාවේ ෆෙඩරල් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව 2014 මාර්තු 6 වැනිදා ඇය පුණ්‍යායතනයක් මගින් පවත්වාගෙන යන සුරැකුම් නිවසකට ඇතුළු කර ඇත.

ක්‍රිෂ්ණන් යුවළට ඇමරිකා පොලිසිය නඩු පවරා ඇත. එම දෙදෙනාට අපරාධ චෝදනා ගොනු කර නැති බවත් ඔවුන් දැන් මලයාසියාවට ගොස් සිටින බවත් ජෙගනාදන්ගේ නීතිඥ ලී කීවාය.



අදහස් (0)

තානාපති නිවස ලක් සේවිකාවට සිරගෙයක් වෙයි

එන්සිනා Monday, 05 September 2016 10:19 PM

ගොඩක් තානාපතිලා තමන්ගේ ආණ්ඩුවලින් වැඩිපුර අරගෙන සේවකයන්ට අඩුවට ගෙවලා මුදල් ගසාකනවා. සේවකයෝ බයට කියන්නේ නැහැ, රස්සාව නැතිවෙන නිසා. අනික එම වීසා වලින් වෙන තැනක වැඩ කරන්නත් බැහැ. (නි)

:       0       0

කෝසල Monday, 05 September 2016 10:58 AM

මෙවැනි පුවත් ගෙනඑන ලංකාදීපයට ස්තූතියි! (නි)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Monday, 05 September 2016 12:16 PM

මේ දෙදෙනා කර ඇත්තේ ලොකු වරදක්.. ඇමරිකාවේ සේවකයෙකුට අවම වැටුප පැයට ඩොලර් 7.50 ගෙවිය යුතුයි.. (සමහර ප්‍රාන්තවල මීට වඩා වැඩියි ).. (ර)

:       0       0

පීරිස් Tuesday, 06 September 2016 03:48 AM

බොහෝ රටවල බොහාමයක් තානාපතිවරුන් කරන්නේ තමන්ගේ රටේ සල්ලි ටික වංචා කරලා බොරු බිල් දාලා අරන් දරු පවුලත් එක්ක නිවාඩුවක් ගතකරලා ආපහු එන එක. ජරාව කෑමට ජයටම අැබ්බැහි වුණ අය කාලය දික්කරගෙනත් ඉන්නවා. (බ)

:       0       0

ටෝනි Monday, 05 September 2016 04:08 PM

අවම වැටුප පැයට ඩොලර් 8.75ක් ගෙවනවා නිව්යෝර්ක් වල (නි)

:       0       0

කරුණාජීව Tuesday, 06 September 2016 06:34 AM

නාමල් මමත් ඉන්නේ බටහිර රටක.මේ රටේ අවම වැටුප පැයකට ඩොලර් 17.50 යි. ඇමරිකාවේ ඩොලර් 1 කට මේ රටේ අද තිබෙන මුදලේ වටිනාකම ශත 76 යි.නමුත් මේ රටත් එක්ක බලන කොට, ඇමරිකාවේ සෑම දෙයක්ම හරි ලාභයි කියලයි මම අහලා තියෙන්නේ. ඉතින් බඩු බාන්ඩ වල මිල ගණන් අඩු නිසා,ඇමරිකාවේ ශ්‍රමිකයෙකුට පැයකට ලැබෙන ඩොලර් 7.50 කියන්නේ සාධාරණ මුදලක්.ඊළගට තියෙන ප්‍රශ්නය මේ යුවලට තානාපති වරප්‍රසාද යටතේ සමහරවි ගැලවී යා හැකි දැයි මා හරියටම නොදනිමි (බ)

:       0       0

උදය Monday, 05 September 2016 06:34 PM

ඔය තියෙන්නේ නඩුවේ තීන්දුවත් දීලා. අපරාදේ උසාවි ගියේ. ඔය උඩින් අදහස් දාලා තියෙන ගොඩ පෙරකදෝරුවෝ හමුවුණා නම් වෙලාව ඉතුරු වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site