IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


තෙන්ඩුල්කාර් සමුගත යුතුයයි

සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් දිගින් දිගටම අසාර්ථක වීම නිසා ඔහු කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත යුතු යයි ඉන්දියාවේ හිටපු ප‍්‍රවීණ කී‍්‍රඩකයෝ පවසති. ඇතැමුන් පවසන්නේ තෙන්ඩුල්කාර් එක්දින පිටියෙන් සමුගෙන ටෙස්ට් තරග සඳහා පමණක් සහභාගි විය යුතු බවයි. තෙන්ඩුල්කාර්ගේ සමකාලීනයකු වන  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං  ඕස්ටේ‍්‍රලියානු තේරීම් කමිටු නිලධාරීන්ගේ බලපෑම මත, එක්දින තරග බිමෙන් සමුගෙන ටෙස්ට් තරග සඳහා පමණක් කී‍්‍රඩා කිරීමට තීරණය කිරීමත් සමගින් තෙන්ඩුල්කාර්ගේ කි‍්‍රකට් අනාගතය පිළිබඳ ප‍්‍රශ්නය වඩාත් උත්සන්න වී තිබේ. කොමන්වෙල්ත් බැංකු තුන්කොන් තරගාවලියේදී අසාර්ථක වීම නිසා කණ්ඩායමෙන් ඉවත් කරන ලද පොන්ටිං එක්දින තරග බිමෙන් සමුගත්තේය. මෙම තත්ත්වය විශ්ලේෂණය කරන හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත පවසන්නේ  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන්ගේ එඩිතර තීරණයෙන් ඉන්දියානුවන් පාඩමක් ඉගෙන ගත යුතු බවයි. සමහරවිට ඔහුගේ කාලය හරි ඇති. සෑම කී‍්‍රඩකයෙක්ටම ඔහුගේ කාලයක් තිබෙනවා. දැන් වයස ඔහුගේ පැත්තේ නොවෙයි” යයි ලෝක කුසලානය පළමුවෙන්ම ඉන්දියාවට දිනා දුන් කපිල් දේව් පැවසීය. 1989 දී පළමු ටෙස්ට් තරගයට සහභාගි වූ සචින් තෙන්ඩුල්කාර් අපේ‍්‍රල් මාසයේදී 39 වැනි වියට පාතබයි. ටෙස්ට් ශතක 51 ක සහ එක්දින ශතක 48 ක හිමිකරුවකු වුවද තමාගේ 100 වැනි අන්තර්ජාතික ශතකය ලබාගැනීමට තෙන්ඩුල්කාර් දැඩි උත්සාහයක නිරතව සිටී. දැන් පැවැත්වෙන කොමන්වෙල්ත් බැංකු කුසලාන එක්දින තරගාවලියේ තරග 5 කදී තෙන්ඩුල්කාර් මෙතෙක් රැස්කර ඇත්තේ ලකුණු 90 ක් පමණි. තමන් ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටින්නේ එක්දින තරග වලටද නැත්නම් ටෙස්ට් තරග වලටද කියා සචින් තීරණය කළ යුතුයි” යයි හිටපු නායක සව්රව් ගංගුලි පැවසීය. කෙසේ වෙතත් ඉන්දීය තේරීම් කමිටුව මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු යයි තමන් නොසිතන බව සව්රව් ගංගුලි කියයි. ඒක නම් සිද්ධවෙන දෙයක් නෙමෙයි. ඔවුන් කිසිවෙක් සචින් ඉදිරියේ කෙළින් හිටගෙන ‘මේ බලන්න පුංචි වීරයෝ, දැන් නම් ඔබ යායුතුයි’ කියන්නේ නෑ. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නෑ” යයි ගංගුලි පැවසීය. මේ අතර ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත් පත විසින් පවත්වන ලද මත විමසුමකදී ඊට සහභාගි වූ 47,000 දෙනා අතුරින් 57% පවසා ඇත්තේ සචින් එක්දින තරග බිමෙන් සමුගත යුතු බවයි. තවත් 41% දෙනෙක් සචින් දිගටම එක්දින තරග බිමේ රැඳී සිටිය යුතු යයි කීහ. සචින්ගේ මීලග තරගය ලබන ඉරිදා  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව සිඞ්නි පිටියේදී පැවැත්වෙයි. ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර තරගය 28 වැනිදා හොබාර්ට්හිදී පැවැත්වෙයි.



අදහස් (0)

තෙන්ඩුල්කාර් සමුගත යුතුයයි

අපරණා Friday, 24 February 2012 10:28 AM

විශිෂ්ටයෝ සමු ගන්නේ තවත් විශිෂ්ට ජයග්‍රහණ ලබාගන්න තියෙද්දී, එක තම විශිස්ටකම කියන්නේ

:       0       0

faru Friday, 24 February 2012 10:29 AM

මම සචින් ගැන ආඩම්බර වෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2387 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site