IMG-LOGO

ජාතික ක්‍රීඩා උළෙල මහ ඉහලින්

(අංජුල මහික වීරරත්න)

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ගාල්ල දඩැල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති වොලිබෝල් තරඟ ඉසව්වෙන් ආරම්භ කෙරිණි. 

ජාතික මහා ක්‍රීඩා උළලෙ මෙවර කාණ්ඩ හයක් යටතේ සිදු කිරීමට නියමිතය.

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් තරග මාතර දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී, කඹ අදීමේ තරග ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩාංගනයේ දී සහ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරග හික්කඩුව නගර සභා ක්‍රීඩාංගනයේ දී ද පැවැත්විණි.

නෙට්බෝල් තරග සඳහා එක් කණ්ඩායමකට 12 බැගින් පළාත් 09 නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 108ක් සහභාගී විය.ජාතික මහා ක්‍රීඩා උළෙලේ  දක්ෂතම නෙට්බෝල් ක්‍රීඩිකාව සඳහා "නෙට්බෝල් රැජින කිරුළ" පිරිනැමීමට නියමිත අතර  නෙට්බෝල් මූලික තරගය උතුරු පළාත සහ උතුරු මැද පළාත අතර ආරම්භ විය. 53 ට 30 ක් ලෙස විශිෂ්ට ජයක් උතුරු පළාත හිමිකර ගත්තේය.

සබරගමුව සහ මධ්‍යම පළාත අතර තිබූ තරගයෙන් මධ්‍යම පළාත ද බස්නාහිර සහ නැගෙනහිර පළාත අතරින්  බස්නාහිර පළාත ද දකුණ සහ ඌව පළාත අතරින් දකුණ පළාත ජය හිමිකර ගත්තේය. 49 වන ජාතික මහා ක්‍රීඩා උළලේ නෙට්බොල් අවසන් තරගය  20 වැනිදා  මාතර දිස්ත්‍රික් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

කඹ ඇදීමේ තරගය සඳහා එක් පළාතක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 10 ක් සහභගී වන අතර ක්‍රීඩකයින් 8 ක් තරගය සඳහා සහභාගී කරවනු ලබයි. පළාත් 9 නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  180ක් මීට සහභාගී වෙති.

කඹ ඇදීමේ අවසන් තරගය අද( 19 )ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

සහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය   හික්කඩුව නගර සභා ක්‍රීඩාංගනයේ දී ආරම්භ කෙරුණි. ග කාන්තා සැහැල්ලු පන්දු තරගාවලියේ උතුරු මැද පළාතට එරෙහිව දකුණු පළාත අතර තිබූ තරගයෙන් දකුණු පළාත පන්දු වාර 15 කට ලකුණු 158 ක් ලබා ජය ගැනීම විශේෂ සිදු වීමක් විය. සැහැල්ලු පන්දු ක්‍රිකට් පිරිම් තරගය හෙට(20)  දක්වා සීනිගම ශ්‍රී විමලබුද්ධි මහා විද්‍යාලයේ දී හා කාන්තා තරගය හික්කඩුව නගර සභා ක්‍රීඩාංගනයේ දී පැවැත් වීමට නියමිතය.



අදහස් (0)

ජාතික ක්‍රීඩා උළෙල මහ ඉහලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site