කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජර්මනිය බදාදා (16) සිට ජාතික වශයෙන් අගුලු දමන බව ජර්මනියේ රාජ්‍ය නායිකාව වන ඇන්ජෙලා මාර්කල් මහත්මිය නිවේදනය කර තිබේ.
ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් සහ පාසැල් ජනවාරි 10 වනදා දක්වා වසා තැබෙනු ඇත.අවන්හල් සහ මත්පැන් අලෙවිහල් දැනටමත් වසා දමා ඇති අතර සමහර ප්‍රදේශ, ප්‍රාදේශීය වශයෙන් අගුලු දමා තිබේ.අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සහ ගිනිකෙළි ද්‍රව්‍ය විකිණීම තහනම්කර තිබේ.කෙසේවුවද බැංකු සහ අත්‍යාවශ්‍ය වෙළඳසැල් විවෘතව පවතින බව ජර්මන් රජය පවසයි.
රටේ ප්‍රාන්ත 16ක නායකයින් හමුවීමෙන් පසු මෙම පියවර නිවේදනය කරමින් මාර්කල් මහත්මිය කියා සිටියේ "වැඩිවන ආසාදන හමුවේ හදිසි පියවර ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවයි."
ජර්මනියේ දෛනික මරණ සහ ආසාදන වාර්තාගත ලෙස ඉහල ගොස් තිබේ.පසුගිය පැය 24 තුළ නව ආසාදන 20,200ක් වාර්තා වී ඇති අතර මේ වනවිට ජර්මනියෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1.3කි.
පසුගිය දිනය තුළ පමණක් කොරෝනා රෝගීන් 321ක් මියගොස් ඇති අතර සිදුවී ඇති මුළු මරණ සංඛ්‍යාව 21,787ක් බව බෝවන රෝග සඳහා වන රොබට් කොච් ආයතනය පවසයි.සත්කාරක මධ්‍යස්ථාන, කොරෝනා පරීක්ෂණ සිදුකරන ස්ථාන බවට පත් කර ඇති බවද ඔවුහු පවසති.
(බීබීසී ඇසුරිණි - 085)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජර්මනිය බදාදා සිට අගුලු දමයි
සමිත සේනක අලුත්ගමගේ. Monday, 14 December 2020 01:28 AM
අපද බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ විගස එම ප්‍රදේශ වලට නිසි ගතයුතු ක්‍රියාමාර්ග ගත්තේ නම්,අද මේ කරදර කිසිවක් අපට නැහැ. ඒත්,කුමන හෝ හේතුවක් නිසා එම බ්‍රැන්ඩික්ස් පොකුර වර්දනය වීමට කොවිඩ් මාරයාට රිසිසේ ඉඩ හැර තිබුණා.