ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී අඟහරුවාදා (2) රාත්‍රීයේ පැවැත්විණි.
කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ මෙම උළෙලේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පසුගිය වසරක කාලයක් තුළ දී දක්ෂතා පෙන්වූ විශිෂ්ටයන්ට අංශ 14ක් යටතේ සම්මාන හිමිවිය.
වසරේ ජනමාධ්‍යවේදියා, ගවේෂණාත්මක මාධ්‍යවේදියා, වසරේ හොඳම පරිසර මාධ්‍යවේදියා, ක්‍රීඩා මාධ්‍යවේදියා, හොඳම තරුණ මාධ්‍යවේදියා, හොඳම ඡායාරූප මාධ්‍යවේදියා ආදී අංශ ගණනාවක් ඊට ඇතුළත් විය.
ජනමාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සේවය උදෙසා ජීවිත කාලයට එක්වරක් පමණක් හිමිවන ඩී.ආර්.විජයවර්ධන සම්මානය ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් වන නෙවිල් ද සිල්වා, පියසේන ඉහළවිතාන, වීරගති තනබාලසිංහම්, සරත් මලලසේකර සහ පේ‍්‍රමසිරි අබේසිංහ යන අයට පිරිනැමිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනමාධ්‍ය විශිෂ්ටයෝ
ශාන්ත සේනාධීර Wednesday, 03 August 2016 11:57 AM
ජනමාධ්‍ය කරුවන් ලෙස දිගුකලක් එහි රැදීසිටීම විශේෂයෙන් අප රටේ කොතරම් දුෂ්කර කරුණක් ද යන්න දන්නේ එහි වැඩකළ අය කිව්වොත් නිවැරදියි. මෙහි සිටින තරුණ පරපුර මා අසා ඇත්තේ නමින් පමණයි. ඔවුන්ට අපේ සුබ පැතුම්.! (ර)