ජනප‍්‍රියම නිළිය වීම ගැන ශලනි ගොඩක් සතුටින් වගේ?
ඔව්. ඒ ගැන ගොඩක් සතුටුයි.
සතුට ටිකක් විස්තර කරමු ඉතින්?
සතුට විස්තර කරන්න බෑ. වචනවලින් කියන්න බැරිතරම්.
ජනප‍්‍රිය නිළිය වුණේ කීවෙනි වතාවටද?
මේ දෙවනි වතාවට.
ගිය වසරේ රඟපෑ ටෙලිනාට්‍ය ගැනත් කියමු?
ගිය වසරේ සිට මේ දක්වා වස්සාන පේ‍්‍රමය සහ මොණර කිරිල්ලි විකාශය වෙනවා. ඒ වගේම දියණියෝ, කුටු කුටු මාමා, සඳ එළිය වගේ, පියස, තාරා, විලි මල් ඒ හැම නාට්‍යයක්ම එකදිගට ගිය වසරේ විකාශය වුණා.
ඒ නාට්‍යය අතරින් රඟපෑ කැමතිම චරිතය?
මම තාරා ටෙලිනාට්‍යයේ චරිතයට ගොඩක් කැමතියි. නමුත් ඒක ජනප‍්‍රිය ගණයට අයත් චරිතයක් නෙමෙයි. ඒක වෙනම කතන්දරයක්. ඒ වගේම පියස ටෙලිනාට්‍යයෙත්, සික්කා ටෙලි නාට්‍යයෙත් චරිතවලට කැමතියි. ‘‘සික්කා’’ ටෙලිනාට්‍යයේ මම මුස්ලිම් තරුණියකගෙ චරිතයක් කළේ. ඒක වෙනස්ම අත්දැකීමක්.
රංගනයට අවතීර්ණ වූ අවධියේ සිට මේතාක් ආ ගමන් මඟ පිළිබඳ මොකද හිතෙන්නෙ?
ඒ ගැන මට තෘප්තිමත් වෙන්න පුළුවන්. මම ක්ෂේත‍්‍රයට ඇවිල්ලා අවුරුදු 8 ක් වෙනවා. ඒ කාලය තුළ මට ලැබුණු දේවල්, නොලැබුණු දේවල් සමබරව තියෙනවා. ඒ සියලූම දේ එක්ක ආපසු හැරිලා බලද්දී දුක්වෙන්න හේතුවක් නෑ. මම මේ කරගත්තෙ අපරාධයක් කියලා හිතෙන්නෙ නෑ. ඒ නිසා මේතාක් ආපු ගමන ගැන ගොඩක් සතුටුයි.
මේ තත්ත්වයට එන්න ගොඩක් කැපකිරීම් කළාද?
මම හිතන්නෙ අපි හැමදාම ලොකු කැපකිරීම් තමයි කරන්නෙ. මේ තත්ත්වෙට එන්නත් ඉතින් ලොකු කැපකිරීම් කරන්න වුණා. ඒ සමඟ තමයි ඉදිරියට යන්නෙත්.
ජනප‍්‍රිය නිළිය වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවා කියලද හිතෙන්නෙ?
සුදුසුකම් මොනවද කියලා මම දන්නෙ නෑ. ජනප‍්‍රියත්වය කියන්නෙ මිනිසුන් ලබාදෙන දෙයක්නෙ. එහෙම නැතිව අපිට බලෙන් ලබාගන්න පුළුවන් දෙයක් නෙමෙයිනෙ. ඒ නිසා ඒකට වාසනා ගුණය ඉහළින්ම තියෙන්න ඕන කියලයි මම විශ්වාස කරන්නෙ.
සාරංග ජනප‍්‍රිය නළුවා වීම ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම සතුටුයි. ඒ සම්මානයට වටිනාකමක් දෙන්න පුළුවන් කෙනෙක් තමයි සාරංග. මොකද ඔහු එකදිගට අවුරුදු කීපයක් ජනප‍්‍රිය නළුවා සම්මානය ලබාගත්තා. අපි පාරට බැස්සත්, මිනිස්සු එක්ක කතා කරද්දි වුණත් හොඳට තේරෙනවා ඔහු ඒ සම්මානයට සුදුසුයි කියන දේ. ඉතින් මම හිතනවා සාරංගට ඒ සම්මානය ලැබීම ගොඩාක් හොඳයි කියලා. ඒ වගේම මම හිතුවා ඒ සම්මානය ලැබෙන්නෙත් ඔහුට කියලා.
ඔහු සමඟ රංගනයේ යෙදෙන්න පහසුද?
ඇත්තටම ගොඩක් පහසුයි. මොකද මම ක්ෂේත‍්‍රයට ආපු මුල් කාලෙ සිටම අපි එකට වැඩ කළා. ගඟ අද්දර ටෙලිනාට්‍යයේ පටන්ම. ගඟ අද්දර කියන්නෙ මගෙ 4 වෙනි ටෙලි නිර්මාණය. ඉතින් දැන් අවුරුදු හයක හතක වගේ කාලයක පටන් මම ඔහුව දන්නවා. ඒ නිසා මට වැඩ කරන්න හරිම පහසුයි ඒවගේම ඔහු ඉතා විනෝදකාමී පුද්ගලයෙක්. විහිළුවෙන් තමයි හැමවෙලේම ඉන්නෙ. වැඩක් කරද්දී වුණත් හරි සපෝට්. ඉතින් හරිම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා වැඩකරන්න ගොඩක් ලේසියි. මම ගොඩක් කැමතියි සාරංග එක්ක වැඩ කරන්න.
ධනු විජේරත්න
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනප‍්‍රියත්වය බලෙන් ගන්න බැහැ