IMG-LOGO

ජගත් කුමාරගෙන් ජනපතිට ලිපියක්

 

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

ආගමික ස්ථානවල සහ අඩු ආදායම්ලාභී ජනතාවගේ විදුලි බිලට සහනයක් සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය.

එසේම ගොවි ජනතාවගේ වී අස්වැන්න කඩිනමින් සහතික මිලකට ලබාගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට ප්‍රතිපාදන සපයා දෙන ලෙසද  ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

පවතින ආර්ථික තත්වය හමුවේ රටේ බොහෝ දෙනා තුන්වේල පිරිමසා ගැනීමට නොහැකිව සිටින තත්වයක් යටතේ ජනතාව විසින් නඩත්තු කෙරෙන වෙහෙර විහාරස්ථාන හා පොදු පූජනීය ස්ථාන    පවත්වාගෙන යෑම ගැටළු සහගතවී ඇතැයි  පෙන්වා දෙන ජගත් කුමාර මහතා  දෙතුන් ගුණයකින් වැඩිවූ විශාල විදුලි බිලක් ලැබීම හේතුවෙන්  ආගමික ස්ථාන මෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව කබලෙන් ලිපට වැටී ඇතැයිද  ප්‍රකාශ කළේය.

රට පුරා විහාරස්ථානවල මහා සංඝරත්නය හා පූජ්‍ය පක්ෂය විදුලි බිල  සම්බන්ධයෙන්  විරෝධතාවල යෙදීම  ආණ්ඩුවටත් රටටත් යහපත් නොවන බවත්  විරෝධතා රැල්ලක් තවත් වටයකින්  ඇතිවීමට එය හේතුවක් විය  හැකි බවත් ජගත් කුමාර සුමිත්‍රාආරචිචි මහතා  එම ලිපියෙන් පෙන්වා දුන්නේය.

වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් වී අලෙවි මණ්ඩලයට මුදල් නොලැබෙන තත්වයක් ඇතැයිද    හෙතෙම පැවසුවේය.



අදහස් (4)

ජගත් කුමාරගෙන් ජනපතිට ලිපියක්

Siurathalaa Monday, 19 September 2022 07:05 PM

තරහනොවන්න රුපියල් කෝටි ගණන්වටිනා වාහන නඩත්තු කරන පන්සල්වල ලොකු හාමුදුරුවරුන්ට ඕවා ප්‍රශ්න නෙවෙයි.

:       0       6

fairoos Monday, 19 September 2022 08:00 PM

රටට කරපු මේ අපරාධයට හෙණ වදිනවා.

:       1       3

යෝගා Tuesday, 20 September 2022 08:54 AM

අනුන්ට හෙන ඉල්ලනකොට තමන්ටත් වදිනවමයි කියලා අපි අහල තියෙනවා

:       1       2

ruwan Tuesday, 20 September 2022 06:16 AM

මෙච්චර කල් සහන දීපු නිසා තමයි මෙහෙම අසහනයක් වෙලා තියෙන්නෙ. අමාරුයි කාටත්. අඩු අදායම් අයට නම් සහනයක් දුන්නත් ඔය පන්සල් පල්ලි වලට නම් සහන අවශ්‍ය නැහැ

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 478 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 263 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site