සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ කටයුතු අගෝස්තු මාසයේ අවසන්වන බව දැනුම් දී තිබෙන බවත් අවසන් වාර්තාව ලැබුණු පසු මාස දෙක තුනක් ඇතුළත ඡන්දය තියන්න පුළුවන් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (20) මැතිවරණ කාර්යාලය පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ ඡන්ද පත්‍රිකාවේ වීදිවල ජනතාවට, තැනින් තැන ගොස් ජීවත්වන ජනතාව ඇතුළු සියලු දෙනා අනිවාර්යයෙන් ඡන්ද ලේඛනයේ ලියාපදිංචි කිරීම අරමුණ බවයි.
‘ඡන්දේ තියන්න අපේ පනතේ තියන කරුණු සම්මත වෙන්න ඕනේ. ඒ වගේම හරියටම මන්ත්‍රීවරු ගණන නිශ්චිතව ගැසට් කරන්න ඕනේ. ඒ කටයුතු ඉවර වුණු වහාම අපි ඡන්දේ තියනවා‘
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘ඡන්දය ළඟ ළඟම එනවා‘
ෆාරා Monday, 20 June 2016 04:06 PM
ඉක්මනට, මිනිසුන්ගේ ප්‍රතිචාර බලන්නම ඕන. (බ)
බන්දුල Tuesday, 21 June 2016 07:31 AM
අනේ ඡන්දෙ තිබුනත් එකයි, නැතත් එකයි. තවත් කට්ටියක් පත්කෙරුවහම වැට් එක තවත් වැඩිවේවි. ජනතාවට වෙන සෙතක් නැහැ. එනිසා නොතිබ්බොත් වඩා හොඳයි (නි)
හරුන් Tuesday, 21 June 2016 08:57 AM
ඡන්දෙට බය වෙන්න් නැතුව ඕක තියලා බලන්න කොහොමද කියලා. (ර)
ගෝමස් Monday, 20 June 2016 07:54 PM
අනේ හොඳයි. යහපාලනයට තිත තියන්න පටන් ගන්න වෙලාව. මිනිස්සුත් මංමුලා වෙලා, රටත් මංමුලා වෙලා (නි)
ජයන්ත Tuesday, 21 June 2016 10:17 AM
අපි සුදානම් මහත්තයෝ ඡන්දෙට. (ර)
බන්දුල Tuesday, 21 June 2016 10:42 AM
මිනිස්සුන්ටනම් හදිස්සියක් නැහැ. මොකද මේ බරත් අදින්න ඔර්නේ අපිමනේ, තව වැට් ඒවිද දන්නේ නැහැ. (ර)
විපුල Tuesday, 21 June 2016 11:06 AM
කලින් රැවටුනට මේ වතාවේ නම් අපිව රවටන්න බැහැ. (ර)
ඉමේෂ් Tuesday, 21 June 2016 01:28 AM
ඡන්දෙ තිබ්බත් නැතත් ප්‍රතිඵලේ ඉතින් අපි දන්නවා. ඔය මේ රටේ පළවෙනි ඡන්දෙ නෙමෙයිනේ. අනික ඡන්දෙ දෙන්නෙත් පරණ හිටපු මිනිස්සුමනේ. (නි)
ෂෙල්ටන් Tuesday, 21 June 2016 03:17 AM
ඔබ තුමා කියන්න ඕනේ නැහැ . මේ මිනිසුන් හිර කරන විදිහට ඕනෙම කෙනෙකුට තේරවනේ . (ම)