IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10 ක්

(අජන්ත කුමාර අගලකඩ)

සහල්  මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් ලංකාවට නොමිලේ ලබාදීමට චීනය රජය තීරණය කර ඇත.

ඒ බව චීන තානාපතිවරයා තමාට දැනුම් දී ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා  ඊයේ (18) රාත්‍රි පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ  ගිවිසුමට මේ වසරට වසර හැත්තෑවක් සම්පූර්ණ  බැවින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක්  නොමිලේ ලබා දෙන්නයි වෙළෙඳ ඇමැති ආචාර්ය  බන්දුල ගුණවර්ධන මහතා චීන තානාපති වරයාගෙන් ඉකුත්දා ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙස චීන තානාපතිවරයා දැනුම් දී තිබූ අතර, ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එම ඉල්ලීම චීන තානාපති කාර්යාලය වෙත ලිඛිතව  ඉදිරිපත් කර තිබිණි.



අදහස් (79)

චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10 ක්

kumara Wednesday, 19 January 2022 10:43 AM

මෙයා චීනයෙන් සහල් හිඟාකනවා.

:       17       82

ABWednesday, 19 January 2022 05:29 PM

චීනෙන් ගෙන්වන ලද සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ය කාබනික පොහොර යොදා කෘෂිකර්මාන්තය කරන ලද ගොවීන්ගෙන් ලැබුණු අස්වැන්නෙන් ලංකාවට ගෙනෙනු ලැබූවේද?

:       5       22

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 19 January 2022 10:51 AM

මේ සහල් ගැන නම් කියන්න දන්නේ නැහැ. ඒත්, චීනේ පලාස්ටික් වලින් සහල් නිපදවන බව ලෝකෙට රහසක් නම් නොවෙයි. කොහොම වුණත්, මේ සහල් පරීක්ෂා කොට බැලීම වැදගත් ..

:       121       89

රාවණාWednesday, 19 January 2022 12:28 PM

ප්ලාස්ටික් වලින් හාල් නිපදවන්නේ කොහොමද? මොලේ තරම තමයි...

:       65       33

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 19 January 2022 02:09 PM

හාල් විතරක් නෙමෙයි කෘතිම බිත්තරත් හදනවා. අන්තර් ජාලය පරීක්ෂා කරන්න. ඔයා නොදන්නා බොහෝ දේ ලෝකයේ සිදුවෙනවා.

:       31       60

PradeepWednesday, 19 January 2022 02:11 PM

අතීතයේම ඉන්නේ නැතුව වර්තමානයට ඇවිල්ලා බලන්න. රාවණා රජතුමාගේ කාලේ ප්ලාස්ටික් හාල් තියෙන්න තැතුව ඇති. නමුත් දැන් කාලය වෙනස්

:       8       46

69ශ්‍රී 2020Wednesday, 19 January 2022 02:53 PM

1965 වර්ෂයේ අගමැති වූ ඩඩ්ලි මැතිඳුන්ගේ කාලය ආරම්භ වනවිටත් චීනයෙන් ගෙනා ඉටිහාල් කියලා දෙයක් සලාක ක්‍රමයට අපටත් කූපන් පොත, නැත්නම් සලාක පොත හරහා අපටත් ලැබුණා. කෑවාම බඩේ අමාරු කෙළවරක් නැහැ. මේ කාලයේ ඩඩ්ලි මැතිතුමා වගා සංග්‍රාමය ආරම්භ කළා... ඒ කාලේ නුවරඑළියේ හා යාපනයේ අර්තාපල් වගාව ආරම්භ කළා. පුළුවන් නම් ඒ කාලේ දෙසතියේ සඟරා බලන්න. ඉන් පස්සේ සිරිමාවෝ මැතිණියත් රටේ ආහාර වගාවට ලොකු සේවයක් කළා. එතුමිය විදේශ විනිමය රැස්කිරීමට දැඩි වෙහෙසක් ගත්තා.. කොහොම වුණත් වෙළඳ ඇමතිවරයා චීනයෙන් හිඟාකනවා. අපේ රටේ වී ගොවිතැන සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට බන්දුල පුරෝගාමී මෙහෙවරක් කරනවා. මෙතෙක් මේ රටේ නිපද වූ වී සහ තේ වගාවන් නැතිව වෙළඳාම චීන්නු අත්කර ගනීවි...!!! 

:       3       40

seneWednesday, 19 January 2022 12:33 PM

සමිත, ඔය ප්ලාස්ටික් කෙසේවෙතත් ඔය හාල් අපි 60 අන්තිමේදී කාලා තියනවා අතේ ඇලෙන, බෙරි වෙන හාල්, අර කෝටු 2න් කන්න ඉගෙන ගන්න. ඕවා කාබන්ද? අපොයි අපට ගිය කල... නැහැ 69 බත් බුදින හරක් අපිට කළදේ...

:       38       51

ErangaWednesday, 19 January 2022 01:32 PM

මහත්මයා.. මෝඩකමෙත් සීමාවක් තියෙන්න ඕනේ නේද?

:       28       105

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 19 January 2022 02:17 PM

මට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි. ඒ රට පැත්තකින් තියමුකෝ... ප්ලාස්ටික් දමා බඳින ලද බයිට් ලංකාවේ අය කනවා. ආප්ප වලට ප්ලාට් ඔෆ් පැරිස් දානවා. චීනාගේ ජරාව කන ඔයාලා හිතන්නේ තමන්ගේ දේශපාලන වාසිය විතරයි. විරුද්ධ මත උහුලන්න බැහැ. ඒ තරමටම ගැතියි.

:       72       41

Bishan Wednesday, 19 January 2022 11:10 AM

තව කාපල්ලා කිරිබත්... රටක් වශයෙන්, ජාතියක් වශයෙන් මෙහෙම හිඟා කාලා බේරුණොත් ඇති...

:       10       84

Hafeel Wednesday, 19 January 2022 11:55 AM

සියලු ගෞරවය හිමි වියයුත්තේ අපේ කෘෂිකර්ම ඇමති මහින්දානන්දට.

:       41       63

Akila Wednesday, 19 January 2022 11:34 AM

ශරීරයට අහිතකර අසනික් වැඩිම ප්‍රමාණයක් තියන සහල් තියෙන්නේ චීනයේ... !

:       53       74

සුරලොව ඇල්මන් Wednesday, 19 January 2022 03:12 PM

කොවිඩ් රෝගය ලොවට මුලින්ම දුන්නෙත් චීන්නු තමා උන් හදන්න ලෝකයේ බලවතා වෙන්න මතක තියාගන්න දැනටත් වැඩිම ජනගහනය ඉන්නෙ චීනයේ එය මදි කියලා පවුලකට දරුවො තිදෙනකු හදන්නත් මෑතකදී කිව්වා කියලා උන්ගෙන් හිගාකෑවම අපෙන් ඉල්ලන දෙයක් නෝදී බැරි වේවි

:       43       28

duminda Wednesday, 19 January 2022 11:41 AM

මේ අසමත් ආණ්ඩුව අද රට මොන තැනකටද වට්ටලා තියෙන්නේ? මෙහෙම ණයට අරන් නිකන් කාලා චීනය ඉල්ලන ඕනෙ දෙයක් දෙන රටක් හැටියට අපි බැඳෙනවා. බලයට එන්න ආගමයි, ජාතියයි විකුණපු අයට... බලයේ රැ‍ඳෙන්න අම්මාවත් විකුණන එක මහ දෙයක් නෙවෙයි.

:       56       75

සෑම් Wednesday, 19 January 2022 11:44 AM

නොදකින්, අද ලංකාව පාරේ හිඟාකන මට්ටමට ඇදලා දාලා. ඒත් පුදුමේ කියන්නේ එක මිනිහෙකුටවත් ගානක් නැහැ...

:       60       78

Hafeel Wednesday, 19 January 2022 11:48 AM

වෙළඳ ඇමැතිගේ ඉල්ලීම්... නමුත් එම ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙස චීන තානාපතිවරයා දැනුම් දී තියෙනවලු. මේක ඇත්තද? බොරුද දන්නේ නැහැ. කෙසේවෙතත් ඔතැනත් තමාගේ අමාත්‍යංශයට අදාළ නැතත් බැසිල් රිංගලයි තියෙන්නේ... අමාත්‍යංශ සේරම රාජපක්ෂලා ආක්‍රමණය කරලා...

:       43       61

Pradeep Wednesday, 19 January 2022 11:54 AM

දැන් කාපල්ලකෝ ප්ලාස්ටික් හාල්. දෙයියන්ගේ හාල් කැවිලා ඉන්න අයගෙන් මේවා තමයි බලාපොරොත්තුවෙන්න ඕන.

:       55       50

RAKITHA Wednesday, 19 January 2022 11:59 AM

සහල් මාෆියා එක බිඳින්න කරන්න පුළුවන දෙයක් හින්දා ගැටළුවක් නැහැ

:       33       68

NuwanWednesday, 19 January 2022 12:49 PM

ඔබ වගේ අය රටට වාසනාවක්..!!!

:       5       21

Dulan Wednesday, 19 January 2022 12:03 PM

මීයකට අත දානේ අත ලෙව කන්න නෙමෙයි ලු...මේ චීනෙන් නිකන් දෙන්නේ පොඩි පහේ දොල පිදේනියකට නම් වෙන්න බෑ..මේ ඉන්න එක දේශපාලුවෙක් වත් මේ රට ගැන කක්කුමක් තියෙන උන් බව පේන්නේ නෑ.උන්ට රට විකුනනවා කියන එක මහ කජ්ජක් නෙමෙයි..කාපල්ලා..කපල්ලා කොල්ලනේ..මේ හාල් කෑව වගේ නෙමෙයි දවසක තොපිට වමාරන්න වෙනවා සිකුරුයි..ඉරාජ් වගේ පජාත මිනිස්සුන්ගේ නාටක වලට අහුවෙලා මුන්ටම කතිරෙ ගහ පල්ලා..

:       42       51

Surain Wednesday, 19 January 2022 12:05 PM

ප්ලාස්ටික් සහල් වලින් ප්‍රවේසම් වන්න

:       44       37

pradeep Wednesday, 19 January 2022 12:08 PM

කාබනික සහල් වෙන්න ඇති..!!!

:       29       29

jagath Wednesday, 19 January 2022 12:22 PM

හිඟා කන ආණ්ඩුවක් නේ පත්කරගෙන තියෙන්නේ .ඒත් රට සවාරි නම් අඩුවක් නෑ

:       24       33

fairoos Wednesday, 19 January 2022 12:37 PM

කෝ අපේ කිරිපුතා සහ බමුණා..? කිරිබත් හදනවද?

:       61       30

සංකාWednesday, 19 January 2022 04:23 PM

ඇයි රවීන්ද්‍රත් පේන්න නැහැ...?

:       37       4

BamunuarachchiWednesday, 19 January 2022 06:06 PM

බමුණා ඉන්නේ කා එක්කද කියලා කිව්වොත් පල වෙන්නේ නැහැ. සමහර විට ඔහේ ළඟ වෙන්න පුළුවන්...

:       7       31

BamunuarachchiThursday, 20 January 2022 08:04 AM

ඇඳේ බලන්න...!

:       4       26

BamunuarachchiThursday, 20 January 2022 01:13 PM

නැහැ ඌරු මස් කරියක් හදනවා. සුදු හාලේ බතක් කන්න.

:       3       58

Nuwan Wednesday, 19 January 2022 12:41 PM

හෙට අනිද්දා වෙනකොට වටේ ඉන්න රටවල් ටික උයලා බත් පාර්සල් ගෙනැල්ලා දෙන සීන් එකක් තියෙන්නේ..

:       27       39

Nuwan Wednesday, 19 January 2022 12:52 PM

ඔය හාල් කාබනිකද? මොකද ලංකාවේ වසංගතයක් මැද්දේ එක රැයෙන් කාබනික කරලා රටේම වගාව විනාශ කළේමෙහෙම පිටරටින් ගේන්න වෙන්නැති.

:       22       35

MO77 Wednesday, 19 January 2022 01:05 PM

මේ හාල් ජනගහනයෙන් බෙදුවාම එක පවුලකට ලැබෙන්නේ හාල් කිලෝ දෙකක් විතරයි. එච්චර ලොකු දෙයක් නෙමේ...

:       27       22

Kamal Wednesday, 19 January 2022 01:50 PM

ඉස්සර ණය දීලා ඉඩම් ගත්තා. දැන් හාල් ටිකක් දීලා ඉඩම් ලියව ගන්නව. ආඩම්බරයි අප්පොච්චි.

:       23       31

Eranga Wednesday, 19 January 2022 02:38 PM

අලුත්ගමගේ කියන නමේ අවුලක්ද මන්දා..., උඩත් කමෙන්ට් කරලා තියෙනවා කෙනෙක්.. ප්ලාස්ටික් දාලා බැදපු බයිට් කනවා කිය කියා... පාදෙණියලා හදපු එහෙයියන් වගේ..

:       12       68

ගමරාළWednesday, 19 January 2022 05:16 PM

එරංග ළිඳෙන් ගොඩට වරෙන්. ඇවිල්ලා බලපන් බයිට් වර්ග, වඩේ වර්ග, බදින්නෙ කොහොමද කියලා.. කඩේකින් ආප්ප ටිකක් අරගෙන ගෙදර ගිහිල්ලා බලන්න කඩෙන් දුන්නු පරිදිම තියෙනවා නේද කියලා.. එහෙම වෙන්නේ ෆ්ලාස්ටර් ඔෆ් පැරිස් යොදපු නිසා කඩේ තියෙන ආප්ප පිටි අලුහුණු මිශ්‍රකරලා කියලා පේන්නේ.. පිටි ඇල්වතුරෙන් අනනවිට රත්වෙන නිසා... එරංග මේවා අපේ අත්දැකීම්..!

:       56       18

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 20 January 2022 08:20 AM

සත්‍ය පෙන්වා දුන්නාට ඔබතුමාට ස්තූතියි.එරංග මහතාගේ දැමීමේ තරම ඔහුම පෙන්වා දී තිබෙනවා.එරංග මහතා, කරුණාකර ලෝකය ගැන තව ගැඹුරින් හදාරන්න.ඊටපසු ලියන්න. ස්තූතියි.

:       33       8

ජගත් ලියනගේ Wednesday, 19 January 2022 03:01 PM

චීනය නිකං දෙයි කියල තමයි බය . ඔය අපෙන් ගසාගෙන කාපු ඒවට වස් වදියි කියල බයට දෙන්නේ . ලංකාව කියන්නේ චීනෙට හොඳ ඉල්ලමක්.

:       24       22

samantha Wednesday, 19 January 2022 03:12 PM

රට රකින අපේ විරැවා දැන් සහල් හිගා කනවා රටට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි අපේ හිගන්නා

:       18       30

kamal Wednesday, 19 January 2022 03:18 PM

මේකෙන් කිරිබතක් උයමු දරලිපේ .ගෑස් ලිපේ නම් බැරියෝ

:       13       22

Thanuja neranjan Wednesday, 19 January 2022 03:54 PM

සෞභාග්‍යයේ දැක්ම හොඳයිද?

:       7       18

Thanuja neranjan Wednesday, 19 January 2022 04:04 PM

සෞභාග්‍යයේ දැක්ම හොදයිද ?

:       12       14

ajith Wednesday, 19 January 2022 04:05 PM

චීනයට දොස් පැවරීම සහ චීනයෙන් හිඟා කෑම දැන් පොහොට්ටුවේ ප්‍රතිපත්තියක් .ඩීසල් ණය ඉන්දියාවෙන්.බත් පිඟාන චීනයෙන්

:       19       27

BamunuarachchiWednesday, 19 January 2022 06:14 PM

ජෙප්පන්ට රට ගියොත් ඒ ටිකවත් ඔහෙලාට ලැබෙන්නේ නැහැ. ජෙප්පන්ට රට ගියොත් උලා කන්න තමයි වෙන්නේ...

:       32       56

angohaamiWednesday, 19 January 2022 09:56 PM

ආස නැද්ද උලාකන්න..?

:       0       11

BamunuarachchiFriday, 21 January 2022 09:42 AM

ජෙප්පෙක්ගෙන්ම අහන අය තමයි උලා කන්නේ... වමාරා කන්නේ...! ඡන්දය තිබ්බාම ගොම ගොඩක් ලැබෙනවා. එක නේද මේ තාක් ජෙප්පන්ට වුනේ?

:       4       0

සමන්ත Wednesday, 19 January 2022 04:09 PM

මෙතන කොටන හිපාටුවන්ට චීනයෙන් නොමිලේ දුන්නත් නරකයි. සල්ලිවලට දුන්නත් නරකයි. තූ නොදකින් මේවගේ රටක ඉන්න හැත්තක්.

:       21       109

ගැත්තා.Wednesday, 19 January 2022 04:49 PM

තම මතයම පමණක් නිවැරදියි කියනා පොහොට්ටු ගැත්තෙක්...

:       49       24

BamunuarachchiWednesday, 19 January 2022 06:05 PM

මොකද්ද හලෝ ඒ කතාවේ වැරැද්ද? ජෙප්පන්ට කන්න දෙන එක වැරදියි.

:       24       43

සමන්තWednesday, 19 January 2022 08:56 PM

කිසිම කෙනෙකුට බලෙන් චීන හාල් කවන්නේ නැහැ. මෙතන කොටන අයගේ අවශ්‍යතාවය තමයි සිංහල අවුරුද්ද වෙනකොට ලංකාවේ සාගතයක් දකින්න ලැබෙන එක. ඒ සිහිනය බොඳවෙන දුකට තමයි මෙතන හොටු පෙරාගෙන චීන හාල් ඇලෙනවා, කෑවාම බඩ යනවා, චීන හාල් හදන්නේ ප්ලාස්ටික් වලින් කිය කියා වැලපෙන්නේ. ලක්ෂ 52ට ඩඩ්ලිගෙයි, සිරිපාලගෙයි හාල් දෙන්නම්. හැබැයි ඒ අයට දිරවන්නේ පුන්නක්කු තමයි.

:       0       0

Gayan Wednesday, 19 January 2022 04:24 PM

පෙරදිග ධාන්‍යාගාරය සහලින් උතුරනවා. අනේ වාසනාවන්...

:       8       11

බද්රානි Wednesday, 19 January 2022 04:24 PM

රසායනික පොහොර යෙදූ හාල් වෙනුවට කාබනික පොහොර යෙදූ හාල් කන්න ගිහිල්ලා අන්තිමේ චීන්නුන්ගේ පොහොර කලවම් කළ පුන්නක්කු කන්න වෙයි කියලයි මට නම් හිතෙන්නේ. කොහෙද ඉතින්, අපේ රටේ බක පණ්ඩිතයින්ට කාබනික ආහාරම කන්න ඕනෑ වුණානේ.. ඒකනේ චීන්නු අර ලංකාවේ ජනතාවට ගැලපෙන කාබනික පොහොර නැවක්ම එව්වේ... චීනාගේ ඒ පොහොර (අසුචි) නැවට ඩොලර් මිලියන 6.9 ක් ගෙවලා තමයි යන්තම්, පස්ස පැත්තේ අත තියාගෙන බේරිලා හිටියේ... කොහොමත් චීන්නු විතරක් නෙමේ ලෝකයම දන්නවා බුද්ධිමතුන්ගේ මන්ද බුද්ධියේ තරම. ලෝකෙටම එකයි...

:       53       16

kamal Wednesday, 19 January 2022 04:55 PM

ඇයි පුන්නක්කු නෙවෙයිද ගෙන්නන්නේ..?

:       42       14

BamunuarachchiWednesday, 19 January 2022 06:02 PM

ඒක අහන්න ඔහේ අම්මා, තාත්තාගෙන්..!!! මොකද මහවැලිය එන්න කළින් අපි චීනෙට රබර් දීලා ගත්තේ හාල්. අන්න ඒවා කාලා තමයි ඔහේගේ අම්මා තාත්තා ඔහේව මේ ලෝකෙට නිෂ්පාදනය කළේ. සමහර විට ඔහේගේ අම්මා තාත්තා කන්න ඇත්තේ චීනෙන් එවන පුන්නක්කු වෙන්න ඇති. ඔහෙලා වගේ ගුණමකු මිනිසුන්ට ගහන්න ඕනේ වේලපු මඩුවලිගවලින්....

:       21       67

සමන්තWednesday, 19 January 2022 06:38 PM

මේ පොහොට්ටු හිඟන්නා එකඑක නමින් රාජපක්ෂ හොරිකඩයින්ට කඩේ යනවා. මේ බමුණුආරච්චි කියන පොහොට්ටු සපෝටර් අනිවාර්යයෙන්ම රාජපක්ෂ හොර නඩයෙන් යැපෙන්නෙක්...

:       42       17

BamunuarachchiThursday, 20 January 2022 08:31 AM

රාජපක්ෂලා 2005-2015 කාලය තුළ රටට කරපු වැඩ කොටස 1977න් පසුව කරපු එක නායකයෙකුගේ නමක් කියන්න කියා නිකන් බුරන ජෙප්පන්ට කියනවා. ජෙප්පන් රටට මොනවද කලේ කියලා අපි දැක්කා...

:       9       33

BamunuarachchiThursday, 20 January 2022 08:33 AM

ජෙප්පන් රටට මොනවද කලේ කියලා කියන්න කියා සමන්තට අභියෝග කරනවා...

:       6       34

BamunuarachchiThursday, 20 January 2022 08:48 AM

සමන්ත අපි රාජපක්ෂලාට කැමති රාජපක්ෂලා 2005-2015 දක්වා රටට කරපු වැඩ කොටස නිසයි. ඔහෙලා ජෙප්පෝ වෙන්න ජෙප්පෝ රට කරපු වැඩ කොටස මොනවාද? අනිකා ගේ වැරදි පෙන්වන එකද? ඔහෙලා බස් කීයක් ගිනිතිබ්බාද? ට්‍රන්ස්ෆෝමර් කීයක් ගිනිතිබ්බාද? බැංකු කීයක් කැඩුවාද?

:       9       51

උද්දිකTuesday, 01 February 2022 07:24 AM

ජෙප්පෝ හිතන් ඉන්නේ උන්ට වගේ අනික් අයට දෙන්නෙත් උන් හිගා කන විදියට කියලා. ආහ් සොරි සොරි පරිත්‍යාග තමා හරිම වචනය

:       0       0

BamunuarachchiWednesday, 19 January 2022 06:11 PM

ඇයි තරහ ගියාද? ඔහේට පුන්නක්කුත් ගේනවා.

:       20       58

indika Wednesday, 19 January 2022 05:02 PM

පිදුරු හරි, පුන්නක්කු හරි නොදී ප්ලාස්ටික් හාල් හරි දෙන එකට සතුටු වෙමු. තව අපි කිරිබත් කමු.

:       12       17

Surain Wednesday, 19 January 2022 05:16 PM

ඕක ඇමෙරිකාවෙන් දුන්නා නම් ඔය රතු සහෝදරයෝ අද මහ පාරේ විලාප තියලා බෙරිහන් දෙනවා. චීනෙන් ගේනකොට කිසිම අවුලක් නෑ වගේනේ දැන් ඉන්නේ...

:       9       14

Ranjan Wednesday, 19 January 2022 05:49 PM

හොඳ වැඩක්... සහල් මාෆියා එක නැතිකරන්න පුළුවන් සැපයුම වැඩිකරලා විතරයි. ලංකාවේ සහල් හැදුවාට ඒකේ වාසිය අරගෙන සුපිරි ලාබ ගන්නේ ඩඩ්ලි සහ සිරිපාල විතරයි. එයාලය කර්මය ඵලදේවි මේ ආත්මයේ හෝ ඊළඟ ආත්මයේ...

:       8       37

සුරලොව ඇල්මන්ගේ Wednesday, 19 January 2022 06:34 PM

ඩඩ්ලියි, සිරිපාලයි මට්ටු කරන්න ඔහොම කළා කියමුකෝ... වී ගොවිතැන හරහා ජීවත්වන රැකියා කරන ලක්ෂ ගණනක් ජනතාව රටේ සිටිනවා. තවත් පිරිසක් වී වගා කරන්නේ ආහාරයටම පමණි. රටින් හාල් ගෙනාවාම රැකියා අහිමිවීමෙන් ලක්ෂ ගණනක් ජනතාවට රැකියා දෙන්නේ කවුද? ඔහොම කියන්න පුළුවන් වෙන්නේ තමන්ගේ පරම්පරාවේ ආදීන් අන්තගාමී ලෙසට ගැතිකමෙන් ජීවත්වෙලා ඔවුන්ගේ තිබුණු ලේ දූෂිතවෙලා තිබුණු නිසායි. එවැනි ලේ ඇත්තෙකුට හැර වෙනත් කිසිවෙකුට, රටට සිදුවෙන හානියටත්, අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කර සතුටු වෙන්නත් බැහැ..

:       11       16

Bamunuarachchi Wednesday, 19 January 2022 05:56 PM

අපෝ මෙරටට ගෙන්වන්න එපා. චීනෙන් කියනකොට සහල් තියා රත්තරන් දුන්නත් එපා කියන මිනිස්සු ලංකාවේ ඉන්නේ... පෝට් සිටි එක හදන්න ලංකාවේ කළුගල් ඉවර වුණා කියලා මහා ජෙප්පා ඔරොප්පු වෙලා ඉන්නේ.. වෙනත් ගොබ්බයින් ඉන්න රටකට යවන්න කියන්න...

:       21       63

සුරලොව ඇල්මන්Wednesday, 19 January 2022 08:56 PM

බමුණු අගහරුවාදා දිනවල (රනිල්ගෙ අයියගෙ) ටීඑන්එල් රූපවාහිනී ඉසිවර ඉසව්ව වැඩ සටහන් දෙකක (එකක් අද20) කිව්වා 2024 හෝ 2025 ජනාධිපති වෙන්නෙ කවුද කියලා අහල බලන්න නමත් කිව්වා

:       0       0

Bamunuarachchi Wednesday, 19 January 2022 06:08 PM

නැහැ ඌරු මස් කරියක් හදනවා. සුදු හාලේ බතක් කන්න.

:       15       46

jagathWednesday, 19 January 2022 10:05 PM

ණයට කහින්න කිව්වේ ඔහෙට නේද?

:       16       6

යෝගා Wednesday, 19 January 2022 06:26 PM

අසීරු අවස්ථාවක රටට ආධාරයක් ලැබෙනකොට සමහරුන්ට පුදුම හිතේ අමාරුවක් තියෙන්නේ... කවුරු මොනවා කිව්වත් කාබනික වැඩේ ඉදිරියට යා යුතුයි...

:       13       81

සමන්ත Wednesday, 19 January 2022 06:31 PM

සමන්ත දැන්වත් මතක තියාගන්න එක එකා බොරු බේගල් කිව්වා, යම් යම් වැරැදි තිබුණත් මේ රට සහලින්, ගොවිතැන්, බතින්, විදුලියෙන්, නව කර්මාන්ත සහ අපනයන වලින් මේ තරම් දුරට හෝ පෝ‍ෂණය කොට ඇදගෙන ආවේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව බව. රාජපක්ෂ හොරිකඩයින්ට කිසි වැඩ පිළිවෙලක් තිබුණේ නෑ. ඕනෑකම තිබුණේ නඩු ටික අයින් කරගන්න. ඒක කරගත්තනේ දැන්. දැන් නුඹලා බඩගින්නේ හිටපල්ලා. ඒත් මතක තියාගන්න ඕනේ අපි ආයෙත් නඩු නැවත දාන බව...

:       115       14

මොට්ටපාල Thursday, 20 January 2022 01:33 PM

ඔව්, සමන්ත ඔබතුමා කියනදේ කරන තුරුම මේ රට හදනවා බොරු. වරද වරදමයි... වැරැද්ද කරන්නේ/කළේ කවුද? නිදහසින් පසුව රටට හානි වෙනදේ කරඇති සියල්ලන්ටම දඬුවම් කළ යුතුයැයි අපි අහලා තියෙනවා. අවුරුදු සිය ගණනක් සිර දඬුවම් දුන්නා කියලා...

:       1       4

Dalu Banda Wednesday, 19 January 2022 08:55 PM

ඉන්දියන් ආණ්ඩුව පරිප්පුව අතෑරලා දාපු වෙලාවේ ජේ.ආර් උපදෙස් දුන්නේ තෑගි දුන්න අශ්වයාගේ දත් බලන්න එපා කියලා.

:       0       0

Rohana Wednesday, 19 January 2022 11:00 PM

චීනෙන් ලංකාවට නිකම් හාල් දෙනවා කියන්නේ ලංකාව හිඟන රටක් කියන එකයි. ලංකාව හිඟමනට වැටීම සම්බන්ධව රටේ සිටින පාලකයින් වගකිව යුතුයි.

:       17       3

Kamal KoyralaSunday, 23 January 2022 11:00 AM

තම රටේ ප්‍රාන්තයක් උන චීනෙන් ලංකාවේ මිනිසුන්ට කන්න දෙන එක වරදක්ද.?

:       0       0

nihal Thursday, 20 January 2022 01:58 AM

දුන්බලය අරගෙන බන්දුලය පිස්සු කරනවා.

:       15       2

Demuni Uduwara Thursday, 20 January 2022 06:15 AM

ඒක සේනානායකලා දෙදෙනාගේ කප්පමක් වෙන්න ඇති.

:       11       1

ganegoda Thursday, 20 January 2022 06:20 PM

ඊළඟ ඡන්දයේදී මොනවයින් මොනවා වෙයිද කියලා දන්නේ දෙයියෝ තමයි...!

:       9       5

මොට්ටපාල Friday, 21 January 2022 01:05 PM

ඇත්තෙන්ම මෙහි කොටන අයට අකුරු නොතේරෙන බවක් පේනවා. අදහස අනුමත කිරීමට කොළපාට සහ අනුමත නොකිරීමට රතුපාට දන්නෙත් නැහැ. නැත්නම් මෙතරම් ඩිස්ලයික් වැටෙන්න කිසිම හේතුවක් නැහැ.

:       0       0

TissaweerSinghe Friday, 21 January 2022 02:56 PM

ඒකෙන් කියනවා අප්‍රේල් වෙනකන් අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා

:       0       0

WCA Saturday, 22 January 2022 03:50 AM

ඕක චීනා නිකන් දුන්නා කියලා හිතනවා නම් වැරදිලා එහෙනම්, ඕක ඩීල් එකක්, එන මාස තුන හතර වෙනකොට කාබනික නාටකේ රිසල්ට් එනවා. ඕකට ලැහැස්ති වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 49 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 1297 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 388 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 822 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 117 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 84 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site