IMG-LOGO

චීන සමාගම් දෙකකින් මුඛ සහ අත් ආවරණ තොගයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ සහ වරාය වල සේවයේ නියුතු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාවිතය සදහා  මුඛ සහ අත් ආවරණ තොගයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ඉදිකිරීම් සමාගමක් සහ චීන  සංචාරක ප්‍රවර්ධන සමාගමක් විසින් අද(4) ආගමන විගමන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත පැමිණ   පරිත්‍යාගය කර තිබේ.

ෂැන්ග් හයියාටයි ඉදිකිරීම් සමාගමේ සාමාන්‍යාධිකාරී වෑන් ගුවෝ ජුන් මහතා සහ හැපි ටුවර් සමාගමේ සභාපතිනිය වන ලියු ටින්ග් ටින්ග් මහත්මිය විසින් මෙම මුඛ ආවරණ 1,000 ක් සහ අත් ආවරණ 500 ක් ප්‍රධාන ආගමන විගමන නිලධාරී ඩී.එස්.ඒ.දෙහිවත්ත මහතා වෙත බාර දී තිබේ .

දේශීය වෙළෙඳපළ තුළ මෙම මුඛ සහ අත් ආවරණ ප්‍රමාණවත් පරිදි සොයා ගැනීම අපහසු මොහොතක , මෙම පරිත්‍යාගය අතිශයින්ම වැදගත් වන අතර , මෙම උපකරණ දවසේ පැය 24 පුරා ශ්‍රී ලංකාවේ  වරාය සහ ගුවන් තොටුපළ වල සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්  වෙත බෙදාදීමට නියමිතය.


 



අදහස් (2)

චීන සමාගම් දෙකකින් මුඛ සහ අත් ආවරණ තොගයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට

Anton Austria Saturday, 04 April 2020 08:45 AM

මට නං විශ්වාස නැ චීන අයව ...

:       1       1

de silva Saturday, 04 April 2020 03:28 PM

ඕව එවන්න තිබුනේ දැනට මාසෙකට දෙකකට කලින් දැන් ගුවන්තොටුපල වහල, ගුවන් යානා එන්නේ නැහැ. බහුතරයක් ආගමන නිලධාරීන් ඉන්නේ ගෙවල් වල.... ඔහොම සොච්චමක් මදි එවනව නම් ඕව කාගෝ ගුවන්යානයක් පුරවල එවන්න රෝහල සේවකයන්ට.... මහජන සෞඛ්‍ය පරීක්ෂකලා, පොලිස් නිලධාරින් , හමුදා නිලධාරින්ට ඕව අත්‍යාවශ්‍ය වෙනවා .

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site