(ඉන්දිකා රාමනායක)
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් ප්‍රභූ පර්යන්තයෙන් මින් ඉදිරිය ප්‍රභූන් සමග ගමන් ගන්නා සාමන්‍ය පුද්ගලයන්ට ගමන් කිරීම තහනම් කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසීය.
මින් ඉදිරියට විශේෂ වරප්‍රසාද ලද ප්‍රභූ පුද්ගලයන්ට පමණක් මෙම පර්යන්තයේ ගමන් කිරීමට අවසර ඇති බවත් ඔවුන් සමග ගමන් ගන්නා හිත මිතුරන් ඇතුළු සාමාන්‍ය පුද්ගලයන්ට එම පරීශ්‍රය හරහා ගමන් කිරීම තහනම් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
ගුවන් යානා නතර කරන ස්ථානයට ගොස් කිසියම් අමුත්තෙක් පිළිගන්නේ නම් ඒ සදහා ගුවන් තොටුපොළ සභාපතිවරයාගෙන්, උප සභාපතිවරයාගෙන්, හෝ කළමනාකාරවරයාගෙන් අවසර ලබාගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම්
Ruhunu Sunday, 16 January 2022 06:25 PM
ඕක හොරුන් යන පාර කියලා දැම්මා නම් තමයි හොඳ
Shantha - Qatar Sunday, 16 January 2022 06:27 PM
අපිත් ඉතින් යනවා එනවා අපේ රටේ ගුවන් තොටුපල කිය කියා යාලුවන්ටත් උදම් අනා ගෙන. ඒ වුනාට කවදාවත් ප්‍රභූ පර්යන්තය නම් දැකලා වත් නෑ .පුරුදු පරිදි යනවා එනවා
ravin Sunday, 16 January 2022 06:28 PM
අනේ ඉතින් ඔය නීති කී දවසකටද?
Bamunuarachchi Sunday, 16 January 2022 06:35 PM
කව්ද බන් මේ ප්‍රභූන් කියන්නේ? 1956 මේ රටේ ප්‍රභූන් නැති වුණා කියලා මම හිතුවේ? මේ අය අපෙන් ඡන්දෙ ඉල්ලන එවුන්ද? අනේ එකෙක්ගේ නමක් දාපල්ලකෝ පැටිකිරිය අදින්න...
Bamunuarachchi Sunday, 16 January 2022 06:37 PM
ප්රභූවරයෙක් හැටියට ඇඩ් කරපු කෙසෙල්වත්තේ හාදයෙක් සුරුට්ටු කොටයක් වගේ පාරේ පිච්චිලා ඉන්නවා නම් දැක්කා.
Nihal Sunday, 16 January 2022 06:53 PM
රට වනසන්නන්ට කියන තවත් නමක්
විපරමා Sunday, 16 January 2022 07:51 PM
කවුද ඔය කියන ප්රභූවරු? දූෂිත දේශපාලුවන් වෙන්ඩැති. සෑහෙන්න බය වෙලා ඇති...
MO77 Sunday, 16 January 2022 08:13 PM
කොහොමද සහතික වෙන්නේ? ප්‍රභූ පර්යන්ත හරහා වංචා සහ අක්‍රමිකතා සිදුවන්නේ නෑ කියලා. සිදුවිය යුතු වන්නේ ප්‍රභූ පර්යන්තය විදේශීය රාජ්‍ය නායකයින්ට පමණක් සීමා කර, දේශීය මැතිඇමතිවරුන් සඳහා සාමාන්‍ය පර්යන්තයෙන් ප්රමුඛතාවයන් ලබාදීමේ කටයුතු සැලැස්වීමයි.
sachith Sunday, 16 January 2022 09:20 PM
ඕක වැරදිලාවත් එක පාරක් ක්‍රියාත්මක කරලා බලමුකො
එරන් ද Sunday, 16 January 2022 09:43 PM
ප්‍රභූන් වර්ග කරන්නේ කෙසේද? කසිප්පු මුදලාලි පාර්ලිමේන්තු ගියොත් ප්රබූවෙක් වෙනනද?
Perera Sunday, 16 January 2022 11:46 PM
ඒ වුනාට ජාවාරම් කාරයින්ට ඒ තහනම නැහැ වගෙයි
sam Monday, 17 January 2022 07:27 AM
ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පට්ට හොරුන්ට විතරයි පාවිච්චි කරන්න පුළුවන් කියන එකනේ... මේකේ නියම අරුත තමයි ඔය දේශපාලුවෝ තමයි මේ රටේ ඉන්න ප්‍රධානම පල් හොරු සෙට්එක...
de silva Monday, 17 January 2022 08:58 AM
මේකට යන්න පුළුවන් ප්‍රභූ ලගේ තනතුරු ලැයිස්තුවක් හදල ප්‍රසිද්ධ කලා නම් මේ ප්රශ්නය විසඳෙනවා
Chanaka Monday, 17 January 2022 11:58 AM
කොහොමත් රටේ හුඟක් සාමාන්‍ය පුරවැසියන්ට තහනම්
පැරකුම් Monday, 17 January 2022 12:44 PM
ඒ උනාට දේශපාලුවොත් එක්ක එන එතනෝල් ජාවාරම්කාරයින්ට ඔය නීති මොකුත් නෑ.
chandima Monday, 17 January 2022 09:26 PM
අපේ ජෙනරාල් තුමා පඩිගන්නේ ප්‍රභූන්ගෙන්ද? ජනතාවගෙන්ද?