IMG-LOGO

ගුවන් සේවිකාවක් වීමේ සිහින දකින ඉමේෂා

2016-09-05-ent-78

දිනෙන් දින අලුත්වන නිරූපණ ක්‍ෂේත්‍රයට අලුතින්ම පැමිණි ඇය ඉමේෂා ප්‍රනාන්දුය. නිරූපණයට අවශ්‍ය නාරි දේහයක් සහ පැහැපත්කමින් යුත් ඇගේ නිරූපණ ක්‍ෂේත්‍ර‘යේ තතු පැවසීමට "සාරවිට" එක්වූ මොහොතකි මේ.

 

20160907imesha-1ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මගේ නම කල්පනී ඉමේෂා ප්‍රනාන්දු. මම මුලින්ම පාසල් ගියේ, පානදුර Good shepherd convent, එකටයි. ඊට පස්සේ කොළඹ 07, Buddhist ladies college සඳහා පාසල් ගියා. මම පදිංචි වෙලා ඉන්නේ මොරටුවේ. මම රොමානු කතෝලික කෙනෙක්. තව විශේෂ දෙයක් තියෙනවා. මම ක්‍රීඩාවටත් ඉතාමත් දක්ෂ කෙනෙක්. oldisland දෙවැනි තැන ලබා ගෙන තියෙනවා.

 

රැකියාවක් කරනවාද, නැත්නම් නිරූපණයද රැකියාව විදිහට කරන්නේ?

නැහැ මම ශ්‍රී ලංකන් එයාර්ලයින් ඩිප්ලොමාවක් කළා. මගේ ආසාව ගුවන් සේවිකාවක් වීමයි. ඒත් එක්කම මං ආර්පිකෝ රක්ෂණ සමාගමේ සේවය කළා. දැන්නම් ගෙදර ඉන්නේ.

 

නිරූපණයට එකතු වෙන්නේ ඇයි? පොඩිකාලේ තිබ්බ ආසාවක්ද?

ඔව්, මගේ ආසාවක් තිබ්බා. මං ඒ නිසා 2016 අයී.ටී.එන් අවුරුදු කුමරිය තරගයට ඉදිරිපත් වුණා.

 

ස්ථානයක් හිමිවුණාද?

අවසන් 15 දෙනා දක්වා එන්න අවස්ථාව හිමිවුණා. ඒකත් මට ලොකු ජයග්‍රහණයක්.

 

වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ සඳහා දායක වුණාද?

ඔව්, මම මියුසික් වීඩියෝ සඳහා දායක වුණා. "වැටෙන් හුස්මේ පවා" කියන ගීතයයි. තව අතුල ශ්‍රී ගමගේ ගේ  අලුත් ගීතයක් සඳහා දායක වුණා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

මගේ ඉදිරි බලාපොරොත්තුව මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න සහ මගේ සිහින රැකියාව කරන්න තමයි.

 

නිරූපණය හොඳයි කියලා හිතනවාද?

ඔව්, අපි හරියට හිටියොත් අපේ වැඩේ කරන්න ඉන්නවානම් කිසි වැරැද්දක් නැහැ.

 

කවුරු හරි මතක් කරන්න ඉන්නවාද?

ඔව්, විශේෂයෙන් මගේ අම්මව මතක් කරන්න ඕනේ. එයා නිසා තමයි පාසලේ ඉඳන් ක්‍රීඩාවලින් ඉදිරියට ආවේ. ඒ මගේ අම්මා නිසා. එයාව මං ගොඩක් ආදරෙන් මතක් කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කල්පණීගේ ෆේස්බුක් ගිණුම

 

2016-09-05-ent-81
2016-09-05-ent-80
2016-09-05-ent-79
2016-09-05-ent-77



අදහස් (0)

ගුවන් සේවිකාවක් වීමේ සිහින දකින ඉමේෂා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site