IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ගෝරිය බේරයි..

2016-07-27-ent-07ළඟදී පත්වෙච්ච මහඇමැති කෙනෙකුයි ළඟදි පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුයි සීතල පළාතක නගරෙකදි ආරවුලක පැටලුණා... මේ ගෝරියට හේතුව පළාත් පාලන අංසෙන් හදපු ඉදිකිරීමක් විවෘත කරන්න යාමලු...

මේ ආරවුල දුරදිග ගිහින් දෙන්නම අතපය උස්සගෙන ලොකු ජරමරයක් වුණා කියලයි කාරණා දන්න අය කියන්නෙ.

මහ ඇමැතිගෙයි මන්ත්‍රීගෙයි ආරවුල නිසා ඒ දෙන්නගෙ ආධාරකාරයොත් වලියට ගියා කියලා ආරංචියි... කොහොම හරි පළාත් පාලන අංශෙ විවෘත කිරීමක් නිසා මේ ආරවුල පළාත් පාලන ඇමැති තැන විසින් සමතයකට පත් කළ යුතු යයි ඉහළින් තීන්දු කළාලු...

ඒ අනුව පළාත් පාලන ඇමැතිතැන සීතල පළාතට ගිහිල්ල ගෝරියට පැටලුණ මහ ඇමැතියි මන්ත්‍රීයි ගෙනල්ලා මේ දෙන්නගෙ නයයි මුගටි වෛරය සමතයකට වැඩ කළා...

අන්තිමට යහපාලනය රටේ පවත්වාගෙන යන්න ඕන නම් පක්ෂ දෙකක ඉන්න මහ ඇමැතියි මන්ත්‍රීයි අතට අත දීල මිතුරැ වෙන්න ඕන කියලත් කීවා... ඉතින් හිතේ කහට තිබුණත් දෙන්න අතට අත දීලා මිතුරැවුණ බව පෙන්නුව... මේ දෙන්න වලියට පැටලිලා හිටපු සටන් සගයො දෙන්නටම හිතෙන් බැණ බැණ දත්කූරැ කකා යන්න ගියාලු. 

 

DESHAYA



අදහස් (0)

ගෝරිය බේරයි..

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 427 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 594 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site