
(ගයාන් සූරිය ආරච්චිසහ ප්‍රදීප් කුමාර)
ඉඩමේ පවතින පොල් ගස් තුනක් කපා ඉවත් කර ගැනීම සඳහා යාපනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දුන් අයදුම් පත්‍රයට අත්සන යෙදීම සඳහා රුපියල් හාරදහසක් වටිනා පෙන් ඩ්‍රයිව්එකක් අල්ලස් වශයෙන් ලබාගත් ග්‍රාම සේවා නිලධාරියකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
යාපනය ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කිරීමෙන් අනතුරුව සැකකාර ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.
පැමිණිලිකරු එම ග්‍රාම නිලධාරියාට අල්ලස් වශයෙන් පෙන් ඩ්‍රයිව් එක ලබාදීම සඳහා ඔහුගේ ග්‍රාම නිලධාරී කාර්යාලයට ගිය අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
2025 නොවැම්බර් මස 04
638
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ග්‍රාම නිලධාරී අල්ලස් දැලේ පැටලෙයි
Bunny Preena Friday, 30 May 2025 09:01 AM
මෙවැනි දූෂිතයින්ට කිසිම සමාවක් දිය යුතු නැහැ. අල්ලස් පිළිබඳව ඔත්තු සපයන්නන් දිරිමත් කිරීම සඳහා කිසියම් ත්‍යාග මුදලක් ලබා දෙනවානම් , තවත් විශාල පරිමාණයේ අල්ලස් ගැන නීතියේ රැහැනට අහු කර ගැනීමට හැකියාවක් ලැබෙයි.
Edirisingha Friday, 30 May 2025 05:27 PM
පොල්ගස් කපන්නත් අවසර ගන්න ඕනෑද? ඒ ගැන දැනුවත්ව නැති නිසා අහන්නේ..