IMG-LOGO

ගොඩක් මහන්සි වෙන 'සොනක්ෂි'

මේ දිනවල තායිලන්තයේ, බැංකොක් නගරයේ රූපගත කිරීම් කටයුතු සිදුකෙරෙන 'Force 2' චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුරූපී සොනක්ෂි සින්හා එක දිගට රූපගත කිරීම් කටයුතු සඳහා සම්බන්ධ වී සිටීම හේතුවෙන් දැඩි ලෙස වෙහෙස මහන්සි වී සිටින බව සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සඳහන් කර සිටියි. එකදිගට දින පහක් පුරා දිවා රාත්‍රි රූපගත කිරීම් කටයුතුවලට තමා පසුගිය සතියේදී එක්වූ බවත් පවසන සොනක්ෂි මෙතෙක් කලක් තමා නොකඩවාම රූපගත කිරීම් සඳහා එක්වූ පළමු අවස්ථාව මෙය බවද සඳහන් කර සිටියි.

ඇය මෙසේ වෙහෙස මහන්සි සිටින ඡායාරූපයක්ද සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කොට තිබෙන අතර, එය බොහෝ සිනමා ලෝලීන් ප්‍රමාණයක් නරඹා තිබෙන බවටද තොරතුරු වාර්තා වනවා. තායිලන්තයේ බැංකොක් නගරයට පෙර 'Force 2' චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු චීනයේ ෂැංහයි නගරයේදී සිදු කරනු ලැබ තිබුණි. මෙම චිත්‍රපටයේ සොනක්ෂි ජෝන් ඒබ්‍ර්හිම් සමග ප්‍රධාන චරිත නිරූපණය කිරීම විශේෂත්වයකි. 'Force 2' චිත්‍රපටය 2011 වසරේ තිරගත වූ 'Force' චිත්‍රපටයේ දෙවැනි නිර්මාණය ද වේ. 



අදහස් (0)

ගොඩක් මහන්සි වෙන 'සොනක්ෂි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site