IMG-LOGO

ගිටාර් පන්ති යන ශ්‍රද්ධා

තවත් නොබෝ දිනකින් රූපගතකිරීම් කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති මෝහිත් සූරීගේ 'හාෆ් ගර්ල්ෆෙන්ඩ්' චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට මේ වනවිට ජනප්‍රිය සිනමා නිළි ශ්‍රද්ධා කපූර් තෝරාගෙන ඇත. චිත්‍රපටයේ කතා තේමාවට අනුව ඇයි මෙහි ගිටාර් වාදන ශිල්පිනියක ලෙස කටයුතු කරන බවට තොරතුරු වාර්තා වන අතර, ශ්‍රද්ධා පවසන්නේ එය තමාට අභියෝගාත්මක චරිතයක් වී ඇති බවයි.

පසුගිය වසරේ තිරගත වූ 'එනි බොඩි කැන් ඩාන්ස්' චිත්‍රපටය වෙනුවෙන් නර්තනයද, මේ වසරේ තිරගත වූ 'බාගි' චිත්‍රපටය වෙනුවෙන් සටන් කලාවද හදාරන්නට තමාට සිදුවූ බව පවසන ශ්‍රද්ධා ගිටාර් වාදන ශිල්පිනියක ලෙස 'හාෆ් ගර්ල් ෆෙන්ඩ්' චිත්‍රපටය වෙනුවෙන් චරිත නිරූපණය කරන්නට ලැබීම තමාට අමතක නොවන සිදුවීම් පෙළක් බවය. මීට පෙර චිත්‍රපට කිහිපයක සඳහා ශ්‍රද්ධා ගීත ගායනයෙන්ද සහාය වී ඇත. මෙම චිත්‍රපටයේ ශ්‍රද්ධාගේ සිනමා පෙම්වතා ලෙස අර්ජූන් කපූර් පෙනී සිටින අතර, ඔහු හා ශ්‍රද්ධා බොලිවුඩ් චිත්‍රපටයකින් සිය ප්‍රේක්ෂකයන් හමුවන පළමු වතාවද මෙයවීම විශේෂත්වයකි.



අදහස් (0)

ගිටාර් පන්ති යන ශ්‍රද්ධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 438 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site