IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොළඹ වරාය නගරයේ ඡායාරූප-වීඩියෝ ගත්තොත් ගාස්තු

(යොහාන් භාසුර)

කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒ සඳහා වන ගාස්තු කොළඹ වරාය නගර සමාගම ප්‍රසිද්ධ කර තිබේ.

මෙහිදී පෞද්ගලික සහ ව්‍යාපාර ලෙස කාණ්ඩ දෙකක් යටතේ ගාස්තු අයකරන බවත් පෞද්ගලික කාණ්ඩයේ පුද්ගලයන් දෙකේ සිට පහක උපරිමයට රුපියල් 30,000 ක් ද, පුද්ගලයන් හයේ සිට 10 කට රුපියල් 50,000 ක් ද, පුද්ගලයන් 10 කට වැඩිනම් ගාස්තුව වෙනස් වන බවත් වරාය නගර සමාගම පවසයි.

ව්‍යාපාරික කාණ්ඩයේ පුද්ගලයන් 10 කට අඩු නම් රුපියල් ලක්‍ෂයක් ද, පුද්ගලයන් 10 කට වැඩි නම් ගාස්තුව වෙනස් වන බවත් මෙම කාණ්ඩ දෙකටම එක අවස්ථාවකදී පැය තුනක කාලයක් හිමිවන බවත් එම සමාගම වැඩි දුරටත් කියයි.



අදහස් (28)

කොළඹ වරාය නගරයේ ඡායාරූප-වීඩියෝ ගත්තොත් ගාස්තු

චමින්ද ජයනාත් ජයසූරිය Thursday, 20 January 2022 07:18 PM

චීන වැසියන්ටත් මේක අදාලද...? දන්නැති නිසයි ඇහුවේ...

:       101       93

Hafeel Friday, 21 January 2022 09:48 AM

දැන් අපිත් ශ්‍රී චීනුන් තමයි. ඉදිරියේදී අපි ඉල්ලුම් පත්‍ර පුරවද්දී කොයි රටද කියන ප්‍රශ්නයට උත්තර දෙන්න වෙන්නේ ශ්‍රී චීනු කියලා...

:       5       13

BamunuarachchiMonday, 24 January 2022 09:48 AM

ඕගොල්ලෝ මෙහාට ආපු කාලේ පුරවැසි ඉල්ලුම් පත්‍රවල දැම්මේ කොහොමද? මඩකලපු ඉන්න සිංහලයින්ට ඔය ප්‍රශ්නය තිබුණා. මේ ආණඩුව එන්න කළින්.තත ශ්‍රී අරාබිය කියලා දාන්න වුණාලු. පාරවල් වල තිබුණේ අරාබි නම්ලු. ශ්‍රී අකුරට තාර ගාපු මේ රටේ සිංහලයින්ට බැරිවුණා... මඩකලපුවේ අරාබි නම්වල තාරගන්න. අන්න ඒකයි මම කියන්නේ එජාපයින්, සජබයින් සිංහලයින්ව නිවටයින් කළා කියා...

:       2       0

chithral- colombo Thursday, 20 January 2022 07:23 PM

නොදෝමකින් විතරක්... මගේ රටේ ෆොටෝ ගන්න හොර චීනාට සල්ලි ගෙවන්න.. මගේ බල්ලාවත් එන්නේ නැහැ ඕක බලන්න. ඔය ජරාවේ ෆොටෝවලට දෙන සල්ලිවලින් දුප්පත් පවුල් 100කට වේලක් කන්න දෙනවා. මේ අයට හෙනම ගහන්න ඕනෑ. අනික තව අවුරුදු 30කට කලින් ඕක ගිලෙනවා...

:       161       128

siri Thursday, 20 January 2022 07:30 PM

මේ ටිකට මන්තීරුවල බාල ප්ලාස්ටික් වලින් හදලා තියෙන කොටස් බොහෝ තැන්වල හිල්වෙලා කැඩිලා ගිහින්. වරායේ ජලය කුණු කසලවලින් පිරිලා තියෙන ආකාරය පෙන්වන පින්තුර ලෝකය පුරා අන්තර් ජාලය මඟින් බෙදා හැර තියෙනවා. මෙතන ඒ පින්තුර දාන්න බැහැ. නැත්නම් පෙන්වන්න තිබුණා කයිවාරුවේ තරම... මේ වගේ මේ වෙලාවේ කිසිම වැඩකට නැති බොරු සෝබනවලට වියදම් කරන සල්ලි දරුවන්ට කිරිපිටි ගන්න වියදම් කළා නම් හෙණ ගහනවද?

:       170       89

කිරි පුතා Thursday, 20 January 2022 07:52 PM

මේ ගාස්තුවලින් කියැවෙන්නේ ඡායාරූප ගැනීම සඳහා උනන්දු නොවන ලෙසයි. එය ආරක්ෂාවට පවා තර්ජනයක් විය හැකි බැවින් වගකීමක් සහිතව අවශ්‍ය අයට එය කළ හැකියි...

:       110       30

චමින්ද Thursday, 20 January 2022 07:58 PM

මේ කියන්නේ මිනිස්සු ගිහිල්ලා නිකං ගන්න පින්තූර නෙවෙයි.. අර හෝටල් වලට ගිහින් ගෙවලා ගන්න ප්‍රී ෂූට් වෙඩින් පින්තූර වගේ ඒවා...

:       22       173

chandima Thursday, 20 January 2022 08:42 PM

වරාය නගරයේ හදපුවට ණය ගෙවන්නේ අපි. එහෙමනම් ඒ ආදායමෙන් කොටසක් අපටත් ඕනෑ. නැතිනම් ඔය මහනගර සභාකාරයෝ ඒ ණය ගෙවන්න ඕනෑ. එහෙමත් නැතිනම් ඒ අයකරන ගාස්තුව මහාභාණ්ඩාගාරයට බාර කරන්න ඕනෑ...

:       74       47

BamunuarachchiFriday, 21 January 2022 08:26 AM

අධිවේගී මාර්ගවල යනකොට අය කරන සල්ලිවලින් කොටසක් ඉල්ලුවද? ලැබුණාද? මේ අයත්, ජෙප්පනුත් හැර තව මැට්ටන් රටේ ඉන්නවාද?

:       12       4

Pradeep Kumara Thursday, 20 January 2022 09:55 PM

අනුන්ගේ රටකට ගියාම ඔහොම තමයි. එයාලගේ නීතිය තමයි නීතිය. ලාංකික අපිට ඕන විදියට ඔය හරියේ වැඩ කරන්න බෑ...

:       1       6

Eri Claud Thursday, 20 January 2022 10:20 PM

චීනයට හොඳ ව්‍යාපාරයක්. නැරඹීමට නොපැමිණීම හොඳය. ඩොලර් වලින් ගෙවීමට නොපැමිණියේ වාසනාවකි. වරාය නගරය නැරඹීමට සෑම කෙනෙකුම නොයා යුතුය. ජනතාව මෙවැනි දේවල් වර්ජනය කළ යුතුයි.

:       2       4

Eri Claud Thursday, 20 January 2022 10:28 PM

මුන්ට සල්ලි දෙනවට වඩා හොඳයි නොගිහින් ඉන්න එක

:       1       4

රට වැසියා Friday, 21 January 2022 12:07 AM

අයියෝ අයියෝ අපි ජීවත් වෙන රටේ තත්වය මේ තරම් පිරිහුනාද! - අතිශයින්ම කණගාටුයි, තමන් උපන් රටේ තමන්ට කැමති තැනක පොටෝ එකක් අරන් විනෝද වෙන්නත් රජයට කප්පම් ගෙවන්න සිද්ධ වුනා!!!

:       1       5

මෝ Friday, 21 January 2022 07:58 AM

ඔය එන්නේ බඩු. තව ටික දවසකින් බලන්න යනවාටත් ගෙවන්න වේවිද දන්නේ නෑ..

:       2       7

Bunny Preena Friday, 21 January 2022 08:52 AM

ටොයිලට් ගාස්තු කීයක් වෙයිද දන්නේ නැහැ..?

:       2       9

Hafeel Friday, 21 January 2022 09:53 AM

ඔහොම වෙන්න බැහැ. දැන් ජාත්‍යන්තරයට බය නැති, කෙලින් වැඩ කරන නායකයෙක් ඉන්න රටක්. චීනුන්ට වැරදිලා ඇති. මහජන මුදලින් වන්දි ගෙවලා හරි අර අසූචි නැව පිටමන් කළා...

:       3       13

Don Friday, 21 January 2022 10:52 AM

මේ අයට පිස්සු.. මේ වගේ තීන්දු ගන්න නිලධාරීන් අනිවාර්යයෙන් ලෝකය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ළිං ගෙම්බෝ..!!!

:       2       10

Ano Friday, 21 January 2022 12:08 PM

ඔය ආරම්භය.. තව ටිකකාලෙකින් ඇතුල් වෙන්න ටිකට් ගන්න කියයි. ඊට පස්සේ, කලින් අවසර ගත්ත අයට පමණයි කියයි.. ඊට පස්සේ ඉතින් තව මොනවා දායිද කවුද දන්නේ..?

:       1       6

kamal Friday, 21 January 2022 12:23 PM

වරාය නගරයට කිරිබත් ගෙන්වාගන්න කීයක් යයිද?

:       1       9

Shehan sanjula Friday, 21 January 2022 02:11 PM

හරි හමන් වටිනා එකක්නේ.. සල්ලි දිලා පොටෝ ගහගන්න. ගොන් හැත්ත...

:       3       5

BamunuarachchiSaturday, 22 January 2022 08:19 PM

ගහන පොටෝ එකේ වටිනාකම තිබෙන්නේ කලාත්මක ඇසකින් හෝ ප්‍රවෘත්තියක් සටහන් කරගන්න ලෝකේ දිහා බලන කෙනාට මිස ද්වේශයෙන්, ඊර්ෂ්‍යාවෙන් ලෝකේ දිහා බලන කුහක ගොබ්බයින්ට නොවෙයි.

:       3       1

අනුර සේනානායක Friday, 21 January 2022 05:24 PM

ඔය නව නගරය රාජපක්ෂ පරම්පරාවට පමණක් දීලා, ජනතාව මුලාකරන මේ ගමන් වලින් වැළකී සිටීමට උත්සාහ කරන්න. ඒවායේ මුදල්වලට ගැති වී දේශපාලන භූමිකාව තුළ බැසිල් අති විශාල ලෙස කණගාටු වෙන්න වෙනවා නම් කොහොමද මේ වගේ ගොං හරක් වැඩ ජනතාව මුලාකරන... මේ සේරම පල් හොරු, අපේ රටේ අපේම මුදල්වලින් ගොඩ නැගීම කර අපෙන් බලාපොරොත්තු වෙනදේ, මෙයාලට ආතල් තමයි, මෙහෙම කුජීත මිනිසුන් සිටින රටක් තුළ තවත් ඉන්න හිටින්න පුළුවන්ද?

:       2       3

BamunuarachchiFriday, 21 January 2022 08:12 PM

මෝඩයින් දැකලා තිබෙනවා. ඒත් මේවගේ කෙනෙක් දැක්කාමයි. ඉස්සර කොළඹ ආවේ හෝගානා පොකුණ බලන්න. දැන් එන්නේ වරාය නගරය බලන්න. එන්න සාරවිටක් කාලා සරුවත් එකක් බීලා ගමට ගිහිල්ලා අත් දෙකෙන්ම වරාය නගරය ගැන ගමට කියන්න..

:       3       4

Bamunuarachchi Friday, 21 January 2022 08:08 PM

වරාය නගරය හදලා ඉවර වෙනකොට රටේ කළුගල් නැතිවෙනවා කිව්ව ගොයියා සරම පොරවාගෙන බුදි ඇති...

:       3       4

බද්රානි Friday, 21 January 2022 08:43 PM

මම නම් ගරු, චීන ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, මේ රටේ අපතයින්ව මුදල් ගෙවලා ෆොටෝ එකක් ගන්නවත් ඔය භූමියට නම්, වද්දගන්න එපා කියලයි. මෙතරම් ස්වභාව සෞන්දර්යයකින් පිරි භූමිය කාලා විනාශ කළ අමනයින්, ඔය බිම්කඩ විනාශ කරලා දමයි දවසට දෙකට... එක අතකට ඉතින් ආයේ අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. එතුමාලා හොඳට දන්නා නිසා තමයි දැනට මේ විදිහට වැඩේ ආරම්භ කරලා තියෙන්නේ...

:       2       2

Sumuth thilakarathne.. Saturday, 22 January 2022 03:01 AM

අපේම නයි අපිවම කයි...

:       0       1

Ranga Saturday, 22 January 2022 11:35 AM

මේක ලංකාවේ කොටසක් නෙවෙයි. ඉතින් ඔබට ගෙවන්න සිදුවෙනවා.

:       0       2

Daya pushpa kumara subasinghe Saturday, 22 January 2022 12:46 PM

ශ්‍රී ලංකාව තෙවැනි ලෝකයේ රටක්... ඉහළින් රකින්න ඕනෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 275 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 979 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2412 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1640 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 959 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2226 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1444 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site