IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කැබ්රියේ ආ මාරයා සය හැවිරිදි දැරිය රැගෙන යයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ ගමන්ගත් කැබ් රථයක් වනාතවිල්ලුව මංගලපුර ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අනතුරට ලක් වීමෙන් නිවෙසක මිදුලේ සෙල්ලම් කරමින් සිටි හය හැවිරිදි දැරියක මරණයට පත්ව තවත් දෙදෙනකු බරපතල ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වනාතවිල්ලුව පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ අවුරුදු පහක් වයසැති මෙත්සරණි නවිෂා නැමති දැරියකි.

බරපතල තුවාල ලැබූ අවුරුදු 20 ක තරුණයකු හා අවුරුදු 32 ක කාන්තාවක ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇතැයි පොලිසිය පවසයි.

පුද්ගලික ජල ව්‍යාපෘතියක සේවකයන් පිරිසක් ගමන් කරමින් තිබු මෙම කැබ් රථය පාලනය කර ගැනිමට නොහැකි විමේන් පසු මාර්යෙන් ඉවතට පැන නිවස ඉදිරි පිට කොටසක් බිමට සමතලා කරමින් මිදුලේ සිටි කුඩා දැරියක් ඇතුළු තිදෙනකු ද යට කරමින් මිටර් 20 කට වැඩි දුරක් ඇදිගොස් නැවති ඇති බව පරික්ෂණ පවත්වන පොලිස් නිළධාරින් පවසයි.



අදහස් (4)

කැබ්රියේ ආ මාරයා සය හැවිරිදි දැරිය රැගෙන යයි

ganegoda Monday, 19 July 2021 01:16 PM

වාහන පදවනවා තියා, මේ වගේ මිනිස්සුන්ට පොල්පිති හරකෙක්වත් පාරේ දක්කන්න තහනම් කළ යුතුයි. මේ අයගේ මදාවිකම් නිසා මේ පැටව් නේද මේවට වන්දි ගෙවන්නේ... ?

:       6       47

කසුන් - ගම්පහ Monday, 19 July 2021 01:59 PM

මේ වගේ අනතුරුවලට නීතියෙන් ලැබෙන දඬුවම් මදි. මෙවන් අනතුරුවලට දඩ නියම කරන්න ඕනෑ ලක්ෂ ගණනින්... අනේ පව් මේ දුව... හරිම දුකයි... අපේ අක්කගේ දුවත් මේ වයසේමයි.. නිවන් සැප ලැබේවා පුතේ ඔබට !!!

:       0       109

Warnakulasuriya Shirantha Monday, 19 July 2021 04:01 PM

ප්‍රමිතියක් නැති වාහන, විනයක් නැති කාලකන්නි රියැදුරන්...

:       0       7

Rohana Monday, 19 July 2021 04:27 PM

මත්පැන් අරගෙන වාහනය පදවන්න ඇති. නැත්නම් දරුවන් යටකරගෙන වාහනය ගෙවල් අස්සෙ රිංගන්න ගියේ කුමකටද?

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය කඩදාසි කම්හලට යළි පණ එයි
2024 අප්‍රේල් මස 18 830 0

ඇඹිලිපිටිය කඩදාසි කම්හල අද (18) මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.


සැකකරු උසාවි භූමියේදී පැන ගිහින්
2024 අප්‍රේල් මස 18 403 0

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් භාරයේ මාලිගාකන්ද අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී නිලධාර


සංචාරක කර්මාන්තය දියුණු කරන්න නව පිම්මක්
2024 අප්‍රේල් මස 18 549 0

සංචාරක කර්මාන්ත දියුණු කිරීම අරමුණු කරගෙන රටවල් 145 ක් සමග සම්බන්ධ වී ඔවුන්ට ආවේණික මවු භාෂාවලින් ශ්‍රී ලංකාවේ වීසා ඉල්ලුම් කිරීමේ නව ක්‍රමවේදයක් ඊයේ (17)


ජාත්‍යන්තර බැඳුම්කර සාකච්ඡාවලට IMF සහය
2024 අප්‍රේල් මස 18 331 0

ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සමඟ පවත්වන සාකච්ඡාවලට සහාය දීමට ජාත


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට කෝටියක මුදල් ත්‍යාගයක්
2024 අප්‍රේල් මස 18 1732 0

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමී


දරුවාගේ ගෙලට පිහියක් මවගේ ආභරණ කොල්ලකාලා
2024 අප්‍රේල් මස 18 846 0

දරුවාගේ ගෙලට පිහියක් තබා මව පැළද සිටි රන් ආභරණ සහ ගමන් කළ යතුරුපැදිය කොල්ල කා පලා ගිය පිරිසක් සොයන බව පොලීසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 200 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1491 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site