(සුමිත් පොතුපිටිය)
කළුතර, පලාතොට ගොඩපරගහහේන ප්‍රදේශයේ දී ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර, පලාතොට, ගොඩපරගහහේන ප්‍රදේශයේ පදිංචිව සිටී සුජිත් ධර්මසේන නමැති 43 හැව්රිදි අවිවාහකයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා නිවස ආසන්න මාර්ගයේ ඇවිද යමින් සිටියදී හිස සහ ගෙල ප්‍රදේශයට එල්ලවූ තියුණු ආයුධ පහරවල් කිහිපයකින් මාර්ගයේම ඇදවටී මියගිය ඇති බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තාට පුද්ගල පහරදීම් සම්බන්ද පැමිණිලි ඇති අයකු බවත්, පෞද්ගලික ආරවුලක් මුල්කර ගනිමින් ඝාතනය සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙලිව ඇති බවත් පොලිසිය කීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කළුතර තවත් ඝාතනයක්