IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කළුතර කර්මාන්තශාලා 75 ක් වැඩ අරඹයි

 බිමල්  ශ්‍යාමන් ජයසිංහ

ඇදිරි නීතිය නිසා  කළුතර දිස්ත්‍රික්කය තුල වසා තිබෙන කර්මාන්ත වලින් කර්මාන්ත ශාලා 75  ප්‍රමාණයකට හෙට දින  ආරම්භ කිරීමට නිර්දේශ ලබා දී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

එම කර්මාන්ත ශාලා වලින් 63 ක් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයට අයත් බව  ඉතිරි 12 ජාතික සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයට අයත් බව අධ්‍යක්ෂකවරයා කීය.

කළුතර දිස්ත්‍රික්කය තුළ කර්මාන්ත 303 පිහිටා ඇත.  එයින් 265 දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ බවත් ඉතිරි ඒවා ජාතික සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය .

අදාළ කර්මාන්ත ශාලාවල හිමිකාරත්වය විසින් ඒ සඳහා කරන ඉල්ලීම් අනුව එය අධීක්ෂණය කර සෞඛ්‍ය නිලධාරි කාර්යාල මගින් නිර්දේශ ලබා දී ඇති අතර ඒ සදහා සෞඛ්‍ය උපදෙස් මාලාවක්  ලබා දීමට සැලසුම් කර ඇතැයි වෛද්‍ය අධ්‍යක්ෂක වරයා සඳහන් කරයි .

හෙටින් පසු ආරම්භ කරන කර්මාන්ත ශාලා ඒ ඒ සෞඛ්‍යය  බල ප්‍රදේශ වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියකු  නිලධාරියකු ඇතුළු මහජන සෞඛ්‍යය පරීක්ෂක වරුන් අධීක්ෂණය කරනු ලබන බවත්  අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

කළුතර කර්මාන්තශාලා 75 ක් වැඩ අරඹයි

සුරංග Sunday, 19 April 2020 08:20 AM

පාලනාධිකාරියෙම දෙතුන් දෙනෙකුට බෝ උනාම තේරේවි හම්බ කරන සල්ලි වලින් පලක් නෑ කියලා...

:       4       73

NamalSunday, 19 April 2020 11:22 AM

සුරංගලා, වගේ අය කොතනත්; මේ අය එක්ක මේ රට මෙහෙමවත් දුවන එක ගැන අපි සතුටු වෙන්න ඕනේ

:       0       0

Amal Sunday, 19 April 2020 11:56 AM

සින්ගප්පුරුවත් කොරෝනා පාලනය කරා කියලා රට විවෘත කලා අන්තිමට දැන් රෝගීන් හමු වෙන සංඛ්‍යාව දැන් වැඩි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site