IMG-LOGO

කසල ලොරියෙන් හිස් උණ්ඩ මතුවෙයි

( ෂේන් සෙනෙවිරත්න,ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය )

ශ්‍රී දළදා මාලිගාවේ  දැඩි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ මහනුවර මහ නගර සභාවට අයත් කසල ලොරියක තිබීටී 56 ගිනි අවි සඳහා යොදන හිස්පතුරම් කොපු32ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ශ්‍රී දළදා මාලිගාවේ කසල ගෙනයාම සඳහා රජ වීදිය පොලිස් මුර කපොල්ලෙන් ඊයේ (18)සවස එම කසළ ලොරිය දැඩි ආරක්ෂක කලාපයට පිවිසීමට සැරසෙද්දී එහි ආරක්ෂක නිලධාරීන් විසින් එම කසල ලොරිය පරීක්ෂාකර ඇත.

සෝදිසි කිරීමේදී එම රියේ පැත්තක එල්ලා තිබූ පොහොර උරයක්  තුළතිබී මෙම හිස් පතුරම්කොපු තොගය හමුව තිබේ.

කසල රථයේ රියදුරු සහ රිය සහයක පවසා ඇත්තේ නගරයේ යුද හමුදා කඳවුරේ කසල එකතු කිරීමේදී මෙම හිස් පතුරම් කොපුතිබෙන්නට ඇති බවයි .

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කසල ලොරියේ රියදුරු සහ රිය සහයක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. සේනාධීරමහතා විසින් එම හිස් පතුරම් තොගය සහ සැකකරුවන් දෙදෙනාවැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර මූලස්ථාන පොලීසියට බාර භාරදී තිබේ .

 



අදහස් (3)

කසල ලොරියෙන් හිස් උණ්ඩ මතුවෙයි

sachith Monday, 19 June 2023 09:52 AM

පරණ නාට්‍යම අලුත් නළුවොයි එක්ක.කොහොමත් ඉස්සරහට රට බේරාගන්න අන්තිම අවස්තාව වෙනකම් ඕක ගෙනියනවා

:       3       10

Chathuranga Monday, 19 June 2023 09:58 AM

මොන විහිළුවක් ද මේ?? කසල විදියට එකතු කරන් යන දේවල් වල හිස් පතොරම් කොපු තිබ්බම ඒ කසල ලොරියෙ සේවකයො අත් අඩංගුවට ගන්නෙ ඇයි?? දෙනෝ දාහක් බලන් ඉද්දි පාතාලයේ මැරයන් මිනිස්සු මරද්දි ඔය ආරක්ෂක අංශ නිදිද?

:       2       18

senaMonday, 19 June 2023 10:37 AM

ඔය වගේ ප්‍රශ්න ඇති නොවෙන්න රට ජාතිය බේරාගන්න අපිට කෙනෙක් අවශ්‍යයි

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 448 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 622 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site