
ක්ෂීරපථයේ, ඈතින් බමනය වන ‘අසාමාන්‍ය වස්තුවක්’ හමුවී ඇතැයි ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණිය හැඳින්වෙන්නේ ‘ක්ෂීරපථය’ හෙවත් ‘කිරි සයුර’ යන නමිනි.
මෙම ‘අසාමාන්‍ය’ වස්තුව පිළිබඳ පළමුවෙන් හෝඩුවාවක් සොයා ගෙන ඇත්තේ විශ්වයෙන් පැමිණෙන ගුවන් විදුලි තරංග අධ්‍යයනය කරමින් සිටි විශ්ව විද්‍යාල සිසුවකුටය. මෙම සිසුවා උපාධි නිබන්ධනයක් සකස් කරද්දී, අහඹු ලෙස එම සොයා ගැනීම සිදු කර ඇත. ඔස්ට්‍රේලියා තාරකා විද්‍යාඥයන් එක් වී, අසාමාන්‍ය වස්තුව ගැන උනන්දු වී, එය කුමක්දැයි සොයා බැලීමට යොමු වූයේ ඉන්පසුවය.
විශ්ව විද්‍යාල සිසුවා එම ‘අසාමාන්‍ය’ වස්තුව සොයා ගෙන ඇත්තේ පැයකට වරක් එම වස්තුවෙන් නිකුත් කෙරෙන රේඩියෝ තරංග හසු කර ගනිමින් ඒවා අධ්‍යයනය කළ බැවිනි. රේඩියෝ තරංග හසු කර ගැනීමට මෙම සිසුවා සමත් වී ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශයේ පිහිටි ‘මචිසන් වයිඩර්ෆීල්ඩ්’ තාරකා දුරේක්ෂය ආධාරයෙනි.
“රේඩියෝ තරංග නිකුත් කිරීම නොකඩවා එකම වේලාවක සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් රේඩියෝ තරංග විහිදීමක් සිදුවන්නේ අඳුරු තාරකාවන්ගෙන්. ඒත් හරියටම එකම වේලාවක මේ අයුරින් සංඥා නිකුත් වීමක් මීට පෙර වාර්තා වී නැහැ.” තාරකා භෞතික විද්‍යාඥ නතාෂා හර්ලි වෝකර් පැහැදිලි කර තිබේ. ක්ෂීරපථයේ, ඈතින් බමනය වන අසාමාන්‍ය වස්තුව කුමක්දැයි සොයා බලන තාරකා විද්‍යාඥ කණ්ඩායමට නතාෂා හර්ලි වෝකර් ද අයත්ය.
(රොයිටර්/එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
639
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2318
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1720
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක්ෂීරපථයේ කැරැකෙන අසාමාන්‍ය වස්තුවක්
JAYATH Thursday, 27 January 2022 01:18 PM
අනිවාර්යයෙන්ම චිචී ගේ රොකට්ටුවේ හංගපු මේ රටේ ප්‍රශ්න වලින් වෙන්න ඇති !
only 18 Thursday, 27 January 2022 01:29 PM
ඕකට කියන්නෙ සීතාගේ ''කිරි සයුර'' කියාය. රාවනා විසින් කිරි සයුර පැයකට වරක් කලඹන විට ඇසෙනා ශබ්ඳය මේ විද්‍යාඥ කණ්ඩායම රේඩියෝ තරංග කියා වැරඳීයට වටහාගෙන. ඹය තාරකා දුරේක්‍ෂයෙන් හරියට බැලුවොත් රාවනා විසින් කිරි සයුර කලඹන විඳිහත් බලාගැනීමට පුලුවන්.
Dasa P Thursday, 27 January 2022 11:51 PM
විශ්වය පුරා විහිදී ගිය පොදු ජන ජය රාවය නැවත නැවත දෝංකාරය වෙනවා වෙන්නත් පුළුවන්.