IMG-LOGO

කොරෝනා රෝග තත්ත්වය පරීක්ෂා කරන්න ගම්පහ රෝහලේ වෙනම ඒකකයක්

(තිලකරත්න දිසානායක) 

කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ සහිත රෝගීන් පරීක්ෂා කර කඩිනමින් අවශ්‍ය පියවර ගැනීම සඳහා නව ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අද (04) ස්ථාපනය කෙරිණි. 

කැස්ස ,  උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් බාහිර රෝගී ප්‍රතිකාර අංශයට යොමු කිරීම මෙම අවස්ථාවේ සුදුසු නොවන බැවින් මෙවන් ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගත්බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතා පැවසීය. 

මේ සඳහා මහ රෝහල් සංවර්ධන පදනම මගින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කර ඇති අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරු අංශ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙය ඉදිකර තිබේ. 

ප්‍රදේශයේ නාහිමිවරුන්ගේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ  ඒකකය විවෘත කිරීම සිදු කෙරුනු අතර රෝහල් සංවර්ධන පදනමේ සභාපති රවීන්ද්‍ර ගණේගොඩ , එහි උපදේශිකා සුජාතා විජේසිංහ, ගුවන් හමුදා ගෲප් කපිතාන් චින්තක මුතුතන්ත්‍රී සහ බල පන්ති ලුතිතන් දමින්ද කොළඹ තන්ත්‍රී යන මහත්ම මහත්මීන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයෙහි පිරිසක් එක්ව සිටියහ. 

 



අදහස් (0)

කොරෝනා රෝග තත්ත්වය පරීක්ෂා කරන්න ගම්පහ රෝහලේ වෙනම ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 455 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site