IMG-LOGO

කොරෝනා මඬින්න සහය දෙන්නැයි බ්‍රිතාන්‍යය අගමැති විපක්ෂයෙන් ඉල්ලයි

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසට එරෙහි සටන් වැදීම සඳහා තමන් සමඟ එක්වන්නැයි බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා එරට විපක්ෂයට ආරාධනා කර ඇත.

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා විපක්ෂයේ සිටින පක්ෂවල නායකයන්ට එම ආරාධනය කර ඇති අතර ඔවුන්ගේ අදහස් විමසීමට අවශ්‍ය යැයිද පවසා ඇත.

ලබන සතියේ දී බ්‍රිතාන්‍යය රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සහ ප්‍රධාන විද්‍යා උපදේශකවරයාගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වෙන වන බව කී අග්‍රාමාත්‍යවරයා ඊට එරට දේශපාලන පක්ෂ සියල්ලේම (විපක්ෂයේ පක්ෂ ) නායකයන්ට ආරාධනා කරන බව කීය.

ද ගාඩියන් 


055



අදහස් (3)

කොරෝනා මඬින්න සහය දෙන්නැයි බ්‍රිතාන්‍යය අගමැති විපක්ෂයෙන් ඉල්ලයි

Raveendra Saturday, 04 April 2020 01:41 PM

දියවන්නාවේ අපේ පටිටියේ අම්බරුවන් නම් කෑමොර දෙන්නේ පට්ටිය අරින්න පට්ටිය අරින්න කියල තමන්ගේ විශ්‍රාම ගතමනාව හදාගන්න නම් නෙවෙයි මේ වෙලාවේ රටේ මුල් පුරවැසියාට උදව් කරන්න හොදේ... එනිසා ඔය එක එක පදනම් හදන්න එපා හොදේ....

:       6       139

Champa Saturday, 04 April 2020 02:01 PM

මෙහෙ නම් ඒකෙ අනිත් පැත්ත වුනා. විපක්ෂය වේලාසනම කිව්වා ආණ්ඩුවට සහයෝගය දෙනවා අපිවත් සහභාගී කරගන්න කියල. මිනිසුන් පිලිබඳ සැබෑ දයාවෙන් එහෙම කිව්වද ඊළඟට එන චන්දෙ නිසා කිව්වද කියල හරියටම දන්නේ නැති වුනත් අපේ රට ඒ අතින් බ්‍රිතාන්‍යයට වඩා ඉදිරියෙන් ඉන්නවා.

:       0       105

RaveendraSaturday, 04 April 2020 02:15 PM

හිරු නොබසින රාජ්‍ය අපට පිටු පසින් සිටින බැවින් අපේ දේශපාලුවන්ට සදාකල් දියවන්නාව පට්ටියේ ලැග සිටීමට ලැබේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site