IMG-LOGO

කොරෝනා පාලනයට ආධාර ලබාදීමේදී දේශපාලන ප්‍රචාරණ එපා

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) 

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින්, එම ආධාර දීම් ඡායාරූප ගතකරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම යෝග්‍ය නොවන බවද, එලෙස කටයුතු නොකරන ලෙසද මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද(04) ඉල්ලීමක් කළේය.
 
කොරෝනා ආපදා තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී තම දේශපාලන ප්‍රචාරයන් ලබාගැනීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව කියා සිටී.
 
කොරෝනා වසංගතය පරාජය කිරීමට සටන් කරන මොහොතක එවැනි ලාභ ප්‍රචාරණ කටයුතු නොකරන ලෙසද, මෙම අවස්ථාවේදී වාද භේදවලින් තොරව ක්‍රියාකරන ලෙසටද, ඔහු ඉල්ලා සිටී.
 
කෙසේවෙතත් මෙම තත්වයේදී  ආගමික නායකයන්, ව්‍යාපාරික ප්‍රජාව, සමාජ සේවයකයන් හා දානපතීන්ගේ දායකත්වය අගය කරන බවද ඔහු නිවේදනයේ සඳහන් කරයි.



අදහස් (5)

කොරෝනා පාලනයට ආධාර ලබාදීමේදී දේශපාලන ප්‍රචාරණ එපා

විනිවිද Saturday, 04 April 2020 12:12 PM

කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින්, එම ආධාර දීම් ඡායාරූපගත කරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම ඉතාම නින්දිත , පහත් අපතයන් විසින් කරනු ලබන අපතයන්ගේ ක්‍රියාවකි. ලංකාවේ වියාපරිකයන්, ලාංකිකයන් සහ විදේශීය පරිත්‍යාගශීලීන් චොවිඩ් - 19 මර්දනයට ලබාදෙන්නාවූ සියලු පරිත්‍යාග මුදල් හෝ භාණ්ඩ නිසි ප‍්‍රයෝජනය සදහා රෝහල්වෙත හෝ සුදුසුම ආයතන වෙතම ලබා දීමට කටයුතු කරන්න. "කිසිවිටෙක දේශපාලකයන්" වෙත විශේෂයෙන් මුදල් පරිත්‍යාග ලබා නොදෙන එසේ නොමති උවහොත් සුනාමියට ලැබුණු මුදල් පරිත්‍යාග මෙන් දේශපාලකයාගේ බැංකුවල සියලු පරිත්‍යාග තැන්පත් කරගනු ඇත. පසුව මැතිවරණ සදහා යොදවා ගන්නවා ඇත. මීට පෙර සිදුවූ එවැනි උදාහරණ ඕනෑතරම් තිබේ අවසානයේ උසාවියෙන් පවා එවැනි නින්දිත අමනුශීය ක්‍රියාවන් සාධනීය කල අවස්ථවන් ඔබ අසා ඇත,

:       0       12

RaveendraSaturday, 04 April 2020 01:58 PM

දේශපාලුවන් යනු නියම අය යන්න ඔබගේ අදහස් ද මනාවට විග්‍රහකොට ඇත. කියමනක් තියනවා වැඩකරන මිනිසා නිශ්ශබ්දය... " වැඩනොකරන අය " මේ තුන් ලෝකෙටම තප්පුලන බවය.. අපගේ රටේ සියලුම දේශපාලුවන්ට මෙය ඉතා කදිමට ගැලපෙන කියමනකි..

:       0       22

ChampaSaturday, 04 April 2020 02:12 PM

ජනතාව වෙනුවෙන් කරන සහන සේවාවක් ගැන පින්තූර දැම්මට මොකක්ද තියෙන අමාරුව? හැම එකම ඡන්දෙට අදාළ කරගැනීමේ පටු ආකල්පයේ ඉන්නේ නැතුව තමනුත් කරන්න පුළුවන් විදිහට මිනිස්සුන්ට උදව්වක් කරගෙන ඉන්න. ව්‍යාපාරිකයන් සහ දානපතියන්ට ඕනේ නම් මුදල් දෙන්න කොරෝනා අරමුදලක් තියෙන්නේ. ඒකට දෙන්න. පීඩාවට පත් ජනයාට ආධාර බෙදා දෙන්න ව්‍යාපාරිකයන් සහ දානපතියන් දේශපාලකයන්ට සල්ලි දුන්නද මම දන්නේ නැහැ. නමුත් එහෙම දුන්න නම් තමන් දුන්න සල්ලි වලින් ජනතාවට සේවයක් සලසන බව ඒ දානපතියන්ගේ දෑසින්ම බලාගෙන සතුටු වෙන්න ඒ දෙන දේවල් වල පින්තූර දාන එකේ කිසිම වැරැද්දක් මට නම් පේන්නේ නැහැ. දැන් පත්තරේ පින්තූරයක් තිබ්බ දරුවෙක් පොලොස් ටිකක් පාර අයිනේ තියාගෙන බෝර්ඩ් එකක් අල්ලන් ඉන්නවා "සල්ලි වලට නෙමෙයි" කියල. මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ වුනාට සමහරුන්ට විදිහක් නැහැ. ඒ හිා තව කවුරු හරි කරන දේ දිහා බලා හරි සතුටු වෙනවා. ආශීර්වාද කරනවා !

:       1       0

විපරමා Saturday, 04 April 2020 04:01 PM

දේශපාලුවෝ කරන කියන දේවල් දාලා උන්ව පුම්බන්ඩ හදන එක උන්ට කඩේ යන හැටියක් ? දේසපාලුවොත් ආධාර කරන හැටි පෙන්වන්න හදන්නේ හරියට උන්ගේ අතින් මිටින්... දෙනවා වගේ? අපිට මතක් වෙනවා සුනාමි ආධාර ගිලපු හැටි...

:       0       33

ඇත්ත Saturday, 04 April 2020 04:17 PM

ඒ මදිවට සුනාමියා රටේ ලොක්කෙක්. අනිවාර්යයෙන්ම කොරෝනා සල්ලි වලටත් කෙලිනවා....

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site