IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කොරෝනා අසාදිතයින් නිසා අලුත්ගම-බේරුවල ව්‍යාපාරික ස්ථාන 7 ක් වහයි


 (තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන හතකින් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හමුවීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කළ බව බේරුවල මහජන සෞඛ්‍යය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (10)පෙරවරුවේ පැවසීය.

ඉකුත් 07 හා 08 දිනවල අළුත්ගම හා බේරුවල නගරවලදී සිදු කළ පී.සී. ආර්.පරීක්ෂණවල ප්‍රථිපලවලින් මෙම පිරිස ආසාදිතයින් බව තහවුරු කරගෙන ඇති අතර බේරුවල නගරයේ අවන්හල් දෙකකින් ආසාදිතයින් 04 ක් ද ,අලුත්ගම නගරයේ ව්‍යාපාරික ස්ථාන පහකින් ආසාදිතයින් 06 දෙනෙකුද හමුවී තිබේ.

 එම ව්‍යාපාරික ස්ථානයන්හී සෙසු සේවක පිරිස් නීරෝධායනයට යොමුකර දින කිහිපයකින් පසු පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කරන බව සෞඛ්‍යය අංශ සහ අළුත්ගම , බේරුවල පොලිස් ස්ථානයන්හී කොවිඩ් 19 වැලැක්වීමේ පොලිස් ඒකක නිළධාරීන් පැවසීය.



අදහස් (1)

කොරෝනා අසාදිතයින් නිසා අලුත්ගම-බේරුවල ව්‍යාපාරික ස්ථාන 7 ක් වහයි

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 10 December 2020 05:46 AM

මේ ප්‍රදේශවල පන්සල්වල ආගමික උත්සව පැවැත්වුණා. සමහර දෙනාට තම දායකයන් හුදකලාවේ තබා මේ දරුණු වසංගතයෙන් ඔවුන් බේරාගැනීමට බුද්ධිමත් හරි හමන් සිතුවල්ලක් නැත්තේ ඒ දායකයන්ගේම අවාසනාවට බවයි පෙනීයන්නේ... ඇතැම් මහජන පරීක්ෂකවරුන් ලෙඩේ බෝවෙනකම් සිට පැමිණ වීරයන් සේ තදින් උපදෙස් දී නිරෝධායනය කොට යනවා. අගහිඟකම් ඇති මිනිසුන් ඔය නිරෝධායන නීති නිසා ගෙයි රැඳෙන්නේ නැහැ. බඩගින්න ඉවසා ගැනීමට නොහැකි තැන ඔවුන් හොරෙන් හෝ කඩවලට යනවා කෑම සඳහා මොනවාහරි ගන්න. අන්න ඒ පාර ලෙඩේ පැතිරෙනවා. පැතිරෙන කන් බලා ඉඳලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එනවා. මේ ක්‍රියාදාමය මෙසේ ඒකාකාරී විදිහට සිදුවෙමින් පවතිනවා. අලුත්ගම තැපැල් කාර්යාලය ඉදිරිපිට ඇති කොන්ක්‍රීට් කාණුවේ ජලය නොබසින්නේ එහි ඉදිකිරීම වටිනා ක්‍රමයකට සිදුකළ නිසයි. ප්‍රදේශයේ මදුරුවන් පිරිලා. පෙරදී ඩෙංගු හා බරවා බෝවුන මේ ප්‍රදේශයේ මිනිසුන් සිටිනවා. පැමිණිළි කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණියත්, තත්ත්වය පෙරසේමයි. මේ තීරයෙන් පෙරදී ඒ තත්ත්වය පෙන්වා දුන්නත්, ඒවා හෝ වගකිවයුතු අංශ දැක නැහැ. කරුමෙක මහත... !

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site