IMG-LOGO

කුරේගේ ආරාධනය උතුරු මහ ඇමැති ඉවත දමයි

උතුරු පළාත් ආයෝජක සමුළුවට සහභාගී වන්නැයි උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ උතුරු මහ ඇමැති සී වී විග්නේෂ්වරන්ට කළ ආරාධනය මහඇමැතිවරයා ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි කියයි.

තම කැමැත්ත හා අවසරය නැතිව මෙවැනි සමුළුවක් පැවැත්වීම අනුමත නොකරන බව ද විග්නේෂ්වරන් මහතා ආණ්ඩුකාරවරයා වෙත දන්වා තිබේ.

උතුරු ආයෝජක සමුළුව දිනම උතුරේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීමට යොදාගෙන ඇති බවත් මහ ඇමැතිවරයා දැනුම් දී තිබේ.

 



අදහස් (0)

කුරේගේ ආරාධනය උතුරු මහ ඇමැති ඉවත දමයි

රන්ජන් Wednesday, 24 August 2016 04:31 PM

මදැයි කුරේලාටත් වෙච්ච දේ? ඔච්චර තමයි කාටත් (නි)

:       0       0

පීරිස් Wednesday, 24 August 2016 06:02 PM

මේ විදිහට වැඩ සිද්ධවෙන එක ගැන අපිට පුදුමයක් නැහැ (නි)

:       0       0

ලකශිත ජයරුවන් Wednesday, 24 August 2016 08:14 PM

විග්නේශ්වරන්ගේ මස්සිනා ගෙන් ඇහැව්වනම් බලන්න.(රේ)

:       0       0

සිරි Wednesday, 24 August 2016 08:45 PM

මාතරදී දාපු චන්ඩි පාට් යාපනයට වලංගු නැතිද??නැතිනම් මහා ඇමති ලඟ රහස් තියෙනවද යහපාලනයට දමල ගහන්න????(රේ)

:       0       0

අමරවීර Wednesday, 24 August 2016 10:13 PM

කුරේ කරපු වැඩේ හරි මුලින් හොදින් කියල දීල තමයි වැඩේ කරන්න ඔනී \nපස්සේ කියන්න එපා ඔන්න එන්න කිව්වේ නැහැ කියල(රේ)

:       0       0

කුෂාන් Wednesday, 24 August 2016 11:34 AM

කුරේ පරාදයිනේ. ලැජ්ජාවක් එහෙම නැද්ද? රෙදි ඇඳගෙනද ඉන්නේ? කවුද මහා ඇමතිට අපමණ බලයක් දුන්නේ? සොයාබලන්න තව ටිකදිනකින් තවත් එයාලගේ බලය ඉහල යාවි. (බ)

:       0       0

රෝහිත Wednesday, 24 August 2016 11:47 AM

මෙයා එක්ක සමාදානෙන් වැඩකරන්න බැරි බව තේරුනේ නැද්ද (බ)

:       0       0

කමල් Wednesday, 24 August 2016 12:23 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සලීම් Wednesday, 24 August 2016 01:17 PM

හැමෝම එකයි. වාසිය තමන්ගේ පැවැත්මට යොදාගන්න හදන්නේ (නි)

:       0       0

බෙනට් Wednesday, 24 August 2016 01:37 PM

හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)

:       0       0

ජයරත්න Wednesday, 24 August 2016 01:38 PM

එතකොට අගමැතිතුමා එදිනම ඒ සාකච්ඡාව මහ ඇමතිතුමාට ලබාදීලද? (නි)

:       0       0

සංකල්ප Wednesday, 24 August 2016 01:50 PM

දැනට මෙසේ නම් දේශපාලන විසඳුමකට පසුව, කෙසේවේද කියා සිතාගන්නත් අමාරුයි. (නි)

:       0       0

මාලක Wednesday, 24 August 2016 02:07 PM

අන්තිමේදී ඔහොමවෙයි කියලා අපි නම් හිතුවා (නි)

:       0       0

සුසන්ත Wednesday, 24 August 2016 02:27 PM

එක නෙවෙන්නම්, එහෙම කොහොමද දැන් හදාගෙන යන අලුත් රටේ නායකයාගේ අවසර නැතුව ඕව කරන්නේ?(රේ)

:       0       0

ඉසුරන්දි Thursday, 25 August 2016 04:44 AM

කොහොමත් එයාලා කැමති නැහැ දකුණේ අය විත් උතුරේ ඇඟිලි ගහනවට. ඉතින් කොහොමද සාමෙන් සමගියෙන් වැඩක් කරන්නේ. හරියට වැල්ලේ තනන සිහින මාළිගා වගේ තමයි ඔවුන්ගේ අදහසුත්. (නි)

:       0       0

රත්නායක Thursday, 25 August 2016 04:49 AM

කුර සහ මුඛ රෝගය වැළඳුනාම මුඛය හා කුරේ කුණු වෙලා හරකා මැරිල යනවා. (බ)

:       0       0

අමල් Thursday, 25 August 2016 05:27 AM

ඉස්සර රජයට නම් මේ අය ඔහොම සෙල්ලම් දාන්න අාවේ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Thursday, 25 August 2016 06:02 AM

මොවුෝට අසීමිත බලතල පූජාකරන්න යහපාලන ආණ්ඩුවට හැකිද? (නි)

:       0       0

චමින්ද Thursday, 25 August 2016 05:56 AM

මෙහෙම වෙයි කියලා එතුමා හිතන්න නැතුව ඇති (නි)

:       0       0

කමල් Thursday, 25 August 2016 05:56 AM

සිංහල ජනතාව වන අපට කාගේ සරණක්ද? (නි)

:       0       0

සෑම් Wednesday, 24 August 2016 03:57 PM

එයාලට දැන් ඕනෑ අහිංසක දෙමළ මිනිසුන්ට හොඳක් කරන්නද නැද්ද කියන එක අපිට දැන් හොඳට තේරිලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site