IMG-LOGO

ක්‍රිකට් සල්ලි ඩොලර් කෝටි හතරකට විදින්න යයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය ඩොලර් මිලියන 40 ක් (රුපියල් කෝටි 1400 අධික) රැස්කර ඇති බවත් ක්‍රිකට් පරිපාලනයට මඩ ගසා වැට්ටීමට උත්සහ කරන පුද්ගලයන්ගේ ඉලක්කය එම ඩොලර් ගිලදැමීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (15) පැවසීය.

ක්‍රිකට් පරිපාලනයට ප්‍රශ්න ඇති කර අතුරු කමිටුවක් පත්කළ පසු ක්‍රිකට් ආයතනය නැවත ණය කිරීම පිරිසකගේ ඉලක්කය බව කී ශම්මි සිල්වා මහතා පසුගිය කාලයේ ණය මත කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර කීපයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ණය ඉල්ලා නොසිටීම පිළිබඳව පැසසුමට ලක්ව ඇති බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය තත්වය හොඳ තත්වයක තිබෙන විට පරිපාලනය ඩැහැගැනීමට පසුපස සිටින පුද්ගලයන් කවුදැයි දැනුවත් සිටින බවත් එවැනි පුද්ගලයන්ට ක්‍රිකට් පරිපාලනය ඩැහැගැනීමට කිසිඳු ඉඩක් නොතබන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (15) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ කවුරු චෝදනා කළ ද වර්තමාන ක්‍රිකට් විධායක කමිටුව වඩාත් විනිවිදභාවයෙන් යුතුව කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවයි.

 



අදහස් (3)

ක්‍රිකට් සල්ලි ඩොලර් කෝටි හතරකට විදින්න යයි

de silva Thursday, 15 September 2022 05:22 PM

මැච් දිනුවෙ කොල්ලන්ගෙ දක්ෂතාවය, කැපවීම සහ අවංක භාවය මත මිස ක්‍රිකට් පාලක මණ්ඩලයේ හොඳකම නිසා නොවේ. ක්‍රිකට් පාලක මණ්ඩලය යනු හොරගුහාවක් බව කෝ කමිටුවේ දි හෙළි වුණා. මණ්ඩලේ මුදල් සම්බන්ධව නියම විදියට විගණනනයට ලක් කරමින් නිතරම අවධානයෙන් ඉන්න ඕන.

:       1       77

Mo77 Thursday, 15 September 2022 07:06 PM

ලෝකයේ අනිකුත් සංගම් එක්ක බලද්දී ඩොලර් මිලියන හතළිහක් කියන්නේ සොච්චමක්. ක්‍රිකට් ආයතනයේ ණය ඩොලර් බිලියනයක් වත් ඇති නේද...?

:       0       1

Bamunuarachchi Friday, 16 September 2022 06:54 AM

ඩොලර් කෝටි 4 මොන බම්බුවකට ක්‍රිකට් ආයතනයේ තියාගෙන ඉන්නවාද? කාවෝ කාවා වගේ ඔය සල්ලි ටික ටික නැතිවෙන්න කලින් රජයේ අවශ්‍යතාවලට පවරා ගන්න. වරායේ නවතා ඇති තෙල් නැව් වලට ගෙවන්න ගන්න.

:       4       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 632 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site