IMG-LOGO

‘කාන්තාවන්ට කළ හැකි දේ බොහොමයි‘

ඕනෑම අභියෝගයකදී සමාන අවස්ථා ලැබේ නම් ගැහැණු පිරිමි භේදයක් නැතිව ඉලක්ක ජය ගත හැකියැයි එවරස්ට් තරණය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන ජයන්ති කුරු උතුම්පාල මෙනෙවිය ප‍්‍රකාශ කළාය.

උතුම්පාල මෙනෙවිය මේ අදහස් පළ කළේ සෙත්සිරිපාය පිහිටි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ පැවැති උත්සවයක දීය. ඇයට  කාන්තා අයිතිය සුරැකීම පිළිබඳ සන්නාම තානාපති ධූරය පිරිනැමීම සඳහා මෙම උත්සවය පැවැත්විණි. ලෝක විවාහක රූ රැජින තරගයෙන් පළමු දස දෙනා අතරට පැමිණි චන්දි වීරසූරිය මහත්මිය අගැයීම ද එහිදී සිදුවිය.

‘සමාජ ප‍්‍රගමනයේ දී කාන්තාවන්ට කළ හැකි දේ බොහොමයි. නමුත් ඒ බව පිළිගන්න සමාජය අදිමදි කරනවා. මා සමග එවරස්ට් තරණය කරන්න ගිය මිතුරාගෙන් ඔහුගේ මිතුරන් අහල තිබෙනවා ඇයි ඔබ මේ වැඩේට කාන්තාවක් සමඟ යන්නේ කියා. ඒ වගේම අපි එවරස්ට් තරණය කර යළි මව්බිමට  පැමිණි පසු මගේ මිතුරියක් මා සමඟ කීවා ඇගේ දරුවන් ඔට්ටු අල්ලා තිබෙනවා මුලින්ම එවරස්ට් යන්නේ කවුද කියා. ඒ වෙලාවේ පුතුන් නිතරම පිරිමි කෙනෙක් මුලින් යාවි කියා ඔට්ටු ඇල්ලූවා ලූ. මට අත් දැකීමෙන් කිව හැකි දෙයක් තිබෙනවා. අවංකවම කියනවා නම් සමාන අවස්ථා ලැබේ නම් කාන්තාවන්ට  ඕනෑම ඉලක්කයක් ජය ගත හැකියි. එහිදී ස්ත‍්‍රී පුරුෂ භාවය ප‍්‍රශ්නයක් නොවෙයි‘ යැයි ඇය කීවාය.



අදහස් (0)

‘කාන්තාවන්ට කළ හැකි දේ බොහොමයි‘

පිටිගල මිලානෝ Wednesday, 24 August 2016 04:19 PM

කතාව ඇත්ත. අපි එය අත්දැකීමෙන්ම දන්නවා.

:       0       0

චිත්‍රා Wednesday, 24 August 2016 07:21 PM

මග ලොකු දුවගේ අදහසත් මෙයමයි. (රේ)

:       0       0

කුමාර Thursday, 25 August 2016 12:06 AM

ඕනෑම අභියෝගයකදී සමාන අවස්ථා ලැබේ නම් ගැහැණු පිරිමි භේදයක් නැතුව ඉලක්ක ජය ගතහැකියි. එකක් ජයගෙන උදම් ඇනූ සුසන්තිකා අද කොතැනද? ජයසූරිය කොතැනද?ගැහැණු පිරිමි ඕනෑම අයෙක් කොතනින් හෝ ඉස්මතුවූවිට සීමාව ඉක්මවා උදම්ඇනීම එතරම් හොඳ නැත. එසේම අනවශ්‍ය විදියට පිම්බීමද හොඳ නැත. (නි)

:       0       0

නාමල් Wednesday, 24 August 2016 12:14 PM

කතාව ඇත්ත. මමත් පිළිගන්නවා (නි)

:       0       0

මනෝජ් Wednesday, 24 August 2016 01:58 PM

නැතුව නැතුව, කතාව ඇත්ත (නි)

:       0       0

ලංකාපුත්‍ර Wednesday, 24 August 2016 04:12 PM

ඇයි මේ ස්ත්‍රී පුරුෂ බේදයක් ගැන කතාකරන්නේ. කෙනෙක් වැදගත් දෙයක්, එහෙම නැත්නම් රැකියාවක් හෝ දක්ෂතාවයක් දැක්වුවහොත් එය අගය කරන්න ඕනෑ බේදයකින් තොරවයි. දැන් බලන්න ඇමෙරිකාවේ මම ඉන්න නගරයේ බස් ධාවනය කරවන්නේ පිරිමින් එක්ක හරි හරියට කාන්තාවන්. ඔය මම දැක්වුයේ උදහරණයක් විතරයි. හැබැයි කාන්තාවට ගෙදර ගැන විශාල වගකීමකුත් තියන බව අමතක කරන්න හොඳ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site